13 🦋🤍

273 70 43
                                    

.........................................

Hesh pov

" සුදු වැලි යට සැතපීලා.........
  ගන අදුරින් ලෝකය වැසිලා......
  ඉවසා ගන්නේ කෙලෙසද මා....
  යළි නෑ...යළි නෑ ආයේ එන්නේ...
  වෙනදා වගේ සදා.........



හ්ම්ම් !!..ආදරේ..ලස්සනයි නේද ඒ හැගීම...දැනුනද ඉතින් උබලටත් ඒ කාලකන්නි හැගීම මොහොතකට හරි..ම්ම් !! මේ කාලකන්නියටනම් දැනුනා ඒ හැගීම කටකාර වට්ටි අම්මෙක් ගැන...නෙතුනි අභින්සා...මගේ කටකාර වට්ටි අම්මා...ඒකී තමයි මගේ ආදරේ..මගේ හැමදේම උනේ...ඒත් හැමෝටම ලස්සන උන ආදරේ මට අවලස්සන්න වෙන්න ගියේ පුංචිම පුංචි වෙලාවක් විතරයී...තනි සුදු රෙද්දේ කලු බෝල වැටුනු චූටි ගවුමට තනි කොන්ඩයක් ගොතාගෙන මාව බලන්න ඕනී කියලා ආපූ එකීව අනේ මගේ ඇස් ඉස්සරහම ලොරි කාරයෙක් ඇවිත් බිලිගත්තා...ඒකිව දවස් ගානක ඉදන් බලන්න පෙරුම්පුර පුර ඉදපු මට අන්තිමට බලාගන්න පුලුවන් උනේ එකීගේ මලකද විතරයී...එදා පාර මැද පිස්සෙක් වගේ මගේ එකීව තුරුලු කරන් අඩනවා ඇරෙන්න මට සිහියක් තිබුනේ නෑ ඒකිව හොස්පිටල් එකටවත් ගෙනියන්න...ඒ වෙනකොටත් පාරේ කී දෙනෙක් එහා මෙහා ගියාද ඒත් ඒ එකෙක්වත් නෙවේ අපි දිහා හැරිලවත් බැලුවේ...තිරිසන් හැත්ත...මනුස්සයන්ගේ හැටි එහෙමයී...අද කාලේ තව එකෙක්ට අත දෙන අය හරි අඩුයී...මං කෑගැහුවා හැම එකාගෙන්ම උදව් ඉල්ලලා..ඒත් ලේ තැවරිලා වෙව්ලන අත් වලින් මගේ කම්මුලක් අල්ලගෙන මගේ එකී හරි අමාරුවෙන් " සුදු මහත්තයා" කියලා කියන්න වචන ගොත ගැහුවා..අනේ ඒකීට දරන්න බැරුවමද කොහෙද කලු බෝල ඇස් සදහටම පියාගත්තා..උදේ හරි ලස්සනට ඇදගෙන ආපූ චූටි ගවුම් පොඩ්ඩ ලේ වලටම පෙගිලා ගිහින් තිබුනා මං ඒකීවත් උස්සගෙන හොස්පිටල් එකට දිව්වේ ඒකි ඇස් පියාගත්තට ඒකීගේ හුස්ම ටික ටික වැටුන නිසා...ඒත් මට බැරි උනා..මං පරක්කු වැඩී....හොස්පිටල් එකට ගෙනිහින් චෙක් කලාට පස්සේ ඩොක්ටර් ඇවිත් " පැය භාගෙකට වගේ කලින් එයාව ගෙනාවන් බේරගන්න තිබුනා " කියලා කිව්වම අනේ ඒ තත්පරේම මාත් අමු අමුවෙම මැරිලා ගියා....

මං මගේ එකීව හොස්පිටල් එකේ තනි කරලා ඒකිගේ ගෙදරටත් දන්වලා ආයෙත් කොළඹ යනවා වෙනුවට ඔලුව හැරිච්ච අතේ ගියා...මං කොහෙද යන්නේ....මොනවද කරන්නේ කියලවත් මං  දන්නේ නෑ...ඔහේ යනවා...මං පිස්සෙක් වෙලා...මං කොහොමද ඉස්සරහට ජීවත් වෙන්නේ ඒකී නැතුව කියලා හිතල හිතලම පිස්සෙක් වෙලා...දවස් ගානක් ගෙදර නොයා ඉබාගාතේ ඇවිදිද්දි පොඩී ආවා යාලුවොත් එක්කගෙන මාව එක්කන් යන්න...බයවෙලා උන්....පොඩී අඩ අඩ මගෙ කනට ගැහුවා..මට ඒ ගහපු එක පාරක්වත්  දැනුනෙ නෑ.....උන්ගේ බල කිරිල්ලටම මං උන් එක්ක ගෙදර ආවා...ගෙදර හැමෝමත් බයවෙලා....මට කතා කරන්න ඕන උනත් මං කාත් එක්කවත් කතා කලේ නැ....කාමරේට ගිහින් දොර වහගත්තු පාර ආය එලියට ආවෙම නැති තරම්....පොඩී , අම්මා , ආච්චී සැරෙන් සැරෙ එනවා දොර ලගට කතා කරනවා ඒත් මං නෙවේ ඒ කිසි කෙනෙක්ට උත්තර දුන්නේ...මට දුක් දෙන්න ඕන නෑ..මට මෙහෙම ඉන්න ඕන නෑ ඒත් මං කොහොමද අමතක වෙන් නැති ඇස් දෙකක්, අමතක වෙන් නැති හිනාවක් , අමතක වෙන් නැති හැගීම් ගොඩක්, අමතක වෙන් නැති දවස් , අමතක වෙන් නැති මතක හුගක් එකපාර පොල්ලෙන් ගැහුවා වගේ අමතක කරන්නේ.....අඩුම නිදාගද්දිත් එදා ලේ විලක් මැද සුදු මහත්තයා කියලා කියපු විදිහ මැවෙද්දි , ඇස් දෙකටවත් කිසිම සැනසිමක් නැතිවෙද්දී මං කොහොමද අමතක කරන්නේ....ඉඩෝරය හැමදාම නැ වසන්තය එනවා , හැමදාම වරදින් නැ හරියනවා , හැමදාම අඩන් නැ හිනාවෙනවා කියලා කිව්වට මට කවද්ද වසන්තය එන්නේ , මට කවදද හරියන්නේ, මං කවදද හිතට එකගව හිනාවෙන්නේ....මේවට මං ලගවත් උත්තර නැතිවෙනකොට මං මත්වෙලා උත්තර හෙව්වා ...දැන් උබලා අහයි හම්බුනාද සතුට සැනසීම කියලා  නේද.....හ්ම්ම් !! හම්බුනා තාවකාලික සැනසීමක් , තාවකාලික සතුටක්.....මත්වෙලා ඇදට වැටිලා නිදාගන්න පැය ටිකට මටත් හම්බුනා ඒ හැමදේම හැබැයි තාවකාලිකව.....පිටට රළු චරිතයක් රග දැක්කුවට ඇතුලෙන් පිච්චෙන මනුස්සයා ගැන දන්නෙ මමම විතරයී ..............



අවාරෙක මෙහි ඇවිත්_🦋🌙❤️ °|ආදරණීය කතාවක්|° ONHOLD🦋 TKWhere stories live. Discover now