දාසයවන මන්දාරම 🍁

Start from the beginning
                                    

" මං විහිලුවක් කලේ අනේ .. මං කොහොමද මගෙ හුරතල් පුංචි යාලුවව අමතක කරන්නෙ .."

මං කියද්දි මට ඇහුනා එහා පැත්තෙ හිටිය පොඩ්ඩ හිනා වෙනවා ..

" ම්ම් .. හරි දැන් කියන්නකෝ මගේ චූටි යාලුවට මොකෝ මේ උදේ මාව මතක් වෙලා .."

ඔන්න ඔය විදියට තමයි ඉතින් මගෙයි නෙතුල් බබාගෙයි පළවෙනි දුරකථන සංවාදය පටන් ගත්තෙ .. කොහොම හරි ඉතින් අපි දෙන්නගෙ පළවෙනි දුරකථන සංවාදයම පුරා පැයක් විතර ඇදිල ගියා මාස් පතා දාන පැකේජ් එකට පිංසිද්ද වෙන්න .. තවත් ඒ සංවාදය දුර යනවා මට හදිස්සියේ ඉමර්ජන්සි කේස් එකකට යන්න සිද්ධ නොවුනා නම් .. රෑ වෙලා කෝල් එකක් අරන් එයාට කතා කරන්න කියලත් කියල තමයි පොඩ්ඩා කෝල් එක කට් කරේ ..

පැයක් තිස්සෙ මායි පොඩ්ඩයි කතා කරේ මොනාද කිව්වොත් රටේ තියෙන ඔක්කොම දේවල් ඉතින් අපි දෙන්න රස කර කර කියෙව්වා ..

කෝල් එක අරන් දුන්නෙ අප්පච්චි ලු , නම්බර් එක ඉල්ලගත්තෙ නුවර ඉන්න සීය අප්පච්චි ගෙන්ලු , නුවර ඉන්න සීය අප්පච්චි කව්ද එයාට කොහෙන්ද මගේ නම්බර් එක කියල අහපුවාම පොඩ්ඩ කිව්වෙ නුවර සීයා අප්පච්චි කිව්වෙ මගේ අප්පච්චිට ලු .. එයා දැනටම හුරු වෙලා මගේ අප්පච්චිට සීයා කියන්න.. ඇත්තටම ඉතින් මගෙ අප්පච්චිටත් සීය කියන්න කියල පොඩ්ඩට කියල දීලා තියෙන්නෙ පොඩ්ඩගෙ අප්පච්චි මිස්ටර් රෂාන් අදීෂ අබේවික්‍රම .. ගොඩක් සතුටුයි ඉතිම් ..

කාලෙ යනව තේරුනෙත් නෑ පොඩ්ඩ එක්ක කතා කරද්දි .. මුල් දවසටත් වඩා දැන් එයා මාත් එක්ක හොදට කතා කරනවා .. කතා කරන්න ගත්තම ඉවරයක් නෑ වගේ .. අතොරක් නෑර කියවන පොඩ්ඩගෙ කතාව හරිම හුරතල් වෙද්දි ඒ හඩ අහගෙන ඉන්න මටම ලෝබ හිතෙනවා .. හැමවෙලේම මොනාහරි කියන්න තමයි එයා බලන්නෙ .. කටකාර දගකාර හුරතල් පැංචෙක් එයා ..

අනේ ඉතින් ඒ හුරතල් පැංචා මගේ කියල මතක් වෙද්දි අමුතුම සතුටක් මගෙ හිතට දැනෙනවා අප්පා .. තාම හිතින් විතරක් උනත් මාත් දැන් අවුරුදු තුනක පුංචි පුතෙක් ඉන්න අම්මි කෙනෙක් තව ටික දවසකින් එයා නීතියෙනුත් මගේ පුතා කියල හිතෙද්දි හිතට පුදුම තරම් සතුටුයි .. ඒ හා සමානවම මගේ හිත නොසන්සුන් .. පුංචි බයකුත් තියෙනවා ..

මන්දාරම් අහස යට || TK Nonfic ♡Where stories live. Discover now