• දහහත් වන දිගහැරුම •

Começar do início
                                    

" අම්මට හික් කඩු යනවනේ "

වැස්ස නිසා තීනු හයියෙන් බ්‍රේක් ගහද්දි යුගාන්ගේ ඔලුවෙ දාලා තිබුනු හෙල්මට් එක ටොක් ගාලා තීනුගේ හෙල්මට් එකේ වැදුනා . එන්න එන්නම වැස්ස වැඩි කරද්දි වහලා දාලා තිබුනු කඩේක ටෙන්ට් එකක් ගාවින් තීනු බයික් එක නතර කලා . තීනු බයික් එක නතර කරද්දි යුගාන් ඉක්මනින් බයික් එකෙන් බැහැලා ටෙන්ට් එක යටට දුවද්දි තීනුත් බයික් එක ස්ටෑන්ඩ් කරලා යුගාන් ගාවටම ගියා .

ටෙන්ට් එක අස්සේ දෙන්නෙක්ට හරියට ඉන්න ඉඩක් නැති උනත් වැස්සෙන් ඔලුව බේර ගන්න නම් ටෙන්ට් එක වෙලාවේ හැටියට මැණිකක් උනා . කොල්ලො දෙන්නා හෙල්මට් දෙකත් ගලවලා ටෙන්ට් එක ගාවින් තිබුනු කණ්ඩිය උඩින් තිබ්බා . වාසනාවකට එතන නම් වැස්සට තෙමුනේ නැහැ . හිරි කඩ පාර හයියෙන් ගහන නිසාම තීනුගේ ශර්ට් එක තෙමිලා තිබුනා .

තීනුගේ විතරක් නෙමෙයි යුගාන් ගේ ශර්ට් එක පවා වැස්සට තෙමුනා . තෙමිලා තියෙන තමන්ගේ කොණ්ඩේ එක අතකින් යුගාන් ගසන්න ගද්දි තීනු තමන්ගේ අත් දෙක එකතු කර ගත්තේ පොඩි හිරිකඩටත් තමන්ට ඉක්මනට සීතල අල්ලන නිසා . තීනු දිහා බලන් හිටපු යුගාන් දැක්කේ දැනට මත් තීනු හැචින් අරිනවා . යුගාන් නම් නොදන්නවා නෙමෙයි පොඩි දේටත් තීනුව ඉක්මනින් අසනීප වන බව .

" ඒයි තීනු එනවා මගෙ ලගට සීතලේ ඉදලා තමුසෙ ලෙඩ වෙයි !! "

යුගාන් තීනුට කතා කරන පරක්කුවෙන් තීනු යුගාන් ලගට ඇවිත් යුගාන්ව බදා ගත්තා .

" ලගට එන්න කියලා විතරයි කිව්වේ බදා ගන්න කියලා නම් මම කිව්වේ නැහැ හැබැයි "

යුගාන් හිනා වෙන ගමන්ම කියද්දි තීනු යුගාන්ට රවලා යුගාන් ගෙන් ඈත් උනා .

" තමුසෙ මහ හිපාටුවෙක් ආයේ තමුසෙ ගාවට එන්නේ නැහැ මම "

" අනේ මෙහෙ වරෙන් බං පිස්සු නොකර !! "

තීනුගේ අතින් ඇදලා ගත්තු යුගාන් තීනුව ආයෙ තමන්ගේ පපුවට තද කර ගත්තා . ආයේ එන්නේ නැහැ කියලා කියපු තීනුත් ඔය ශෝක් එකට යුගාන්ව බදා ගෙන ඉද්දි යුගාන්ට හිනාවකුත් ගියා . තීනුගේ කොණ්ඩේ වගේම ශර්ට් එකත් තෙමිලා තිබුනු නිසා තීනුගේ පපුවට ඉක්මනින් සීතල අල්ලන නිසාම යුගාන් දිගටම තීනුව තමන්ගේ උණුහුමෙහි තියා ගත්තා .

සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 Onde as histórias ganham vida. Descobre agora