"අයියෙ,
මං ආස වලවල් කපන්න,
සිමෙන්ති අනන්න,
පෙට්‍රල් ගහන්න
හේන් කොටන්න වගේ වැඩවලට.
ඒවා ගැන ඉස්කෝලෙ කියලා දෙන්නෙ නෑනෙ. ඉතින් homework කරලා වැඩක් නෑ. අපි දෙන්නා වෙන මොනවා හරි කරමුකො!"

අයියා ඒ පාර නම් මගේ දිහා බැලුවෙ හිනා මලක් නෙමේ මූකලන් බස්සෙක් වගේ ඔරෝගෙන.
දැන් නම් ඉස්කෝලෙ සර් කෙනෙක් විදියට යවන්නත් පුළුවන් උගන්නන්න කියලා ළමයින්ට. ඔච්චර උගන්නන්න ආසයි නම් මාවම මරාගෙන කන්න ඕනෙයැ. අන්න ඒ වගේ රස්සාවක් හොයා ගන්නනෙ තියෙන්නෙ.

මං අයියගෙ ඇඳට පැනලා සනීපෙට ගුලි වෙලා ඇඳ පුරාම බඩ ගාගෙන ගියා. මේ ඇඳ මාරම සැපයි!
අයියත් එහා ඇත්තෙන් හාන්සි වුනා නම් තවත් සැපයි!

"So you don't want to be with me!?
I was planning to take you after a few more years.
But it's ok.
You are a big boy now and can make your own decisions."

ඕ...
අයියා ලඟට යන්න නම් ඉතින් මහ එපා කරපු විදියටම ඉගෙනගන්න වෙයි තමයි.
Supermanටත් වෙච්ච දෙයක්!

"Ok ok!
Let do it!
Ayye...! Come help me!"

මේ අයියත් පේන තරම්ම හොඳ නෑ. තරහා වෙලා කාමරෙනුත් එලියට ගිහින් ඉවරයි ඒ විනාඩියට!

පොත් බෑග් එකත් ඇදගෙන එයාගෙ පස්සෙන් ගිහින් මං පොත් ටික බිම දිගෑරගෙනම වැඩ කරන්න පටන්ගත්තා. සති දෙකක්ම ඉස්කෝලෙ ගියෙත් නෑනෙ. මොනවා උගන්නලාද කියලා හිතාගන්නත් බෑ. මේ මෝඩ අයියා මගේ දිහා බලන්නෙත් නෑ.
මං ඉතින් පෑනත් කටේ ගහගෙන පොතේ චිත්‍රයක් අඳින්න ගත්තා.
Supermanයි, Lex Luthorයි fight එකක්!
ඒ දෙන්නා powers දාගෙන දාගෙන යද්දි කුරුටු ගාපු පාරට පොතේ පිටුව ඉරිලම ගියා.
මල කෙලියයි!
මං ශේප් එකේ අයියා දිහා බලලා පිටුව ඉරලා සාක්කුවට ඔබා ගත්තා.

දැන් හැබැයි teacher දීපු ප්‍රශ්නෙත් නෑ!

ඉතින් මං ආයෙම කොලේ ඇදලා අරන් දිගෑරලා ප්‍රශ්නෙ ලියන්න ගත්තා.
හීනි ටොක්කක් 'ටං!' ගාලා ඔළුවට වැදුනා. පව් ඉතින් මේ අයියා.
අතපය දිගට තිබුනට රිදෙන්න ටොක්කක්වත් ඇනගන්න බෑනෙ.
ඒකනෙ මං superman වෙලා එයාව බලාගන්නම් කිව්වෙ මේ තේරුමක් නැති දේවල් කරන්න යන්නෙ නැතුව.
හැබැයි එයා විභාග පාස් කලාට මොලේ දීලා නෑ දෙයියො!
අඬන්න විතරයි වගේ මෙයා දන්නෙ!

මානස (Completed)Where stories live. Discover now