• දහසය වන දිගහැරුම •

Start from the beginning
                                    

" බඩු ගොඩක් තියෙනවද අම්මේ ගන්න ?? "

" නැහැ බං බඩු කෑලි දෙක තුනයි !! "

" ඉතිම් ඕකට කීල්ස් එකටම යන්න ඕනෙද ?? "

" උබ පැහෙන්නේ නැතුව හිටපන්කෝ !! "

අම්මා එක්ක කොහොමත් තමන්ට වාද කරන්න බැරි නිසා තීනු බයික් එක හරවලා එලියට දා ගත්තා . හෙල්මට් එකත් දාගෙන තීනුගේ අම්මා බයික් එකට නගිද්දි තීනු හරි හිමීට බයික් එක අරන් ගියේ හයියෙන් ගියෝතින් අම්මගෙ කියවිල්ල තමන්ට අහ ගෙන ඉන්න සිද්ද වෙන නිසා . ලග පාතම වගේ කීල්ස් එකත් තිබුනු නිසා විනාඩි දහයක් වගේ ගත වෙද්දි දෙන්නටම කීල්ස් එකට එන්න පුලුවන් උනා .

තීනු පාකින් එකෙන් බයික් එක නතර කරපු සැනින්ම තීනුගේ අම්මා තීනුවත් දාලා කීල්ස් එක ඇතුලට යද්දි තීනු හිමින් සැරේ අම්මගෙ පස්සෙන් ආවා . බඩු කෑලි දෙක තුනක් ගන්නවා කියපු අම්මා කූඩයක් අරන් දැනට මත් ඕනේ කරන දේවල් දා ගන්න දිහා තීනු මූණත් බුම්ම ගෙන ගන්න ගමන් බලන් හිටියා .

රෑට සුප් එකක් හදන්න ඕනේ කියපු නිසා තීනුගේ අම්මා කූඩෙට කැරට් අල ගෝවා බෝංචි එහෙම දා ගන්න ගත්තා . තීනුත් අම්මා ගාවට ලං වෙලා බැලුවේ තමන් කන්න කැමති එළවලුවක් තියෙනවද කියලා . ලීක්ස් වලට තමන්ගේ ඇස් යද්දි තීනු ලීක්ස් ගස් දෙකක් අරන් කූඩෙට දැම්මා ඒත් තීනුගේ අම්මා ආයෙන ඒ ලීක්ස් ගස් දෙක අරන් ලීක්ස් ගොඩට දැම්මා

" අනේ මොකක්ද අම්මේ ලීක්සුත් දාන්නකෝ මම කන්න ආසයිනේ "

" බලපන් ලීක්ස් 250ක් 350යි ගණන් යකෝ කොහෙ තියෙන සල්ලියක් ද ?? ගනන් අඩු උනු දවසක උබට ලීක්ස් අරන් දෙන්නම් "

තීනුගේ අම්මා ඒ අස්සේ ලීක්ස් ගස් දෙකට කියවන්න ගද්දි තීනු ලීක්ස් තොගේ දිහා දුකින් බලන් හිටියා . කොහොමත් මේ රටේ අඩු වීමක් සිද්ද වෙන්නේ නැති නිසා ලීක්ස් කැමේ හීනේ තීනු අතහැර ගත්තා .

" අපෝ මේකගේ මූණේ හැටි !! හරි හරි දාගන්නකෝ එහෙනම් ඔය ලීක්ස් ගස් දෙක තුනක් "

තීනුගේ අම්මා ඒ පාර එහෙම කියද්දි තීනුගේ මූණ පුරාම මල් මල් හිනාවකින් පිරුනා . වෙන එලවළු ජාති මුකුත් කන්න ආසාවක් නැති තීනු ආසාවෙන් කන්නේ ලීක්ස් විතරයි ඒකනෙ තීනුත් ලීක්ස් ගහ වගේ ඉන්නේ . පත සයිස් ලීක්ස් දෙකක් කූඩෙට දාපු තීනු පොඩි එකා වගේ අම්මගේ පස්සෙන් ඉදන් අම්මට එලවළු තොරන්න උදව් කලා .

සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 Where stories live. Discover now