08🦋🤍

327 65 36
                                    

.......................................

හේෂ් !!

ඕකා මැරෙයි යකෝ !!!



ඉන්න..මට ඒ ඇහුනේ එයාගේ නමද..ඒ කිව්වේ හේෂ් කියලද.....මේ මිනිහා මුඩුක්කු අස්සේ මොනාද කරන්නෙ..ආහ්හ් මට එන කේන්තියක් දෙයියනේ...කාටද එයා ඒ ගහන්නේ...මට දැන් යන්න ඕන එයාව බලන්න..ඒත් මේ පගයො දෙන්නා ඉන්නවනේ...



"අඩෝ අඩෝ වලියක් බං.."

" අපිත් යමුද බං බලන්න.."


" තොගෙ ඔය දොඩම් ගෙඩි දෙක තලාගන් නැතුව මෙන්න මෙහෙ වර යන්න.."



"ඕයී...නෙත්රූ! ඔහොම ඉදපන් බල්ලෝ!!...





ඉෂාරයාත් වලිය දැකලා " අඩෝ වලියක් බං " කියලා කෑගැහුවා...මං කිව්වා අපිත් යමු කියලා බලන්න..මේකාට කිව්වට වඩා හොදයී නෙදකිම් බල්ලා..අපෙ මැනිකේ හදපු සූටි පුතාට අපහාස කලානේ දොඩම් ගෙඩි දෙක කියලා ගස් බල්ලා..තොට හොදක් වෙන් නැ ග්‍රාමසේක පඩ පුත්‍රයා...මං උට බම්බු ගහන්න කියලා ඌ යන්න එපා කියලා  කෑගද්දිම  දිව්වා වලිය ගිය තැනට.....


දෙයියනේ මට හීල්ලුනා බිම වැටිලා හිටපු එකාව දැකලා...උගේ මූණ පුරා ලේ පැල්ලම්...දකුණු කනින් හෝ ගාලා ලේ ගලනවා...ඒත් හේෂ් අයියා නෙවේ නවත්තන්නේ උට ගහන එක...හේෂ් අයියගේ වටේ තව කට්ටිය ඉදියා..එයාලටවත් මෙල්ල කරගන්න බෑ හේෂ් අයියව..අනේ ඇයි එයාට මෙච්චර කේන්ති යන්නේ...තව ටිකක් ගියොත් මූ මෙතන මැරිලා යයී.....



"සුදු මල්ලී !!! "


" ඕක නවත්තපන් !! "





මං හේෂ් අයියාගෙ සිහියෙන් ඉද්දී මාව  ගැස්සිලා ගියේ භානුක අයියගේ කටහඩට...භානුක කියන්නේ ගමේ ඉන්න මැර චරිත වලින් එක්කෙනෙක්...එයාටම කියලා ඉන්නවා තව සෙට් එකක්...දිනූශ , සතීශ්, යශ්මිත කියන අයත් භානුක අයියගේ ලගම යාලුවෝ...දිනූශ කියන කෙනා අනිත් අයට වඩා පොඩී උට අවුරුදු  විස්සක් හෝ දහනවයක් වගේ ඇත්තේ....අනිත් අයටනම් විස්ස පැනලා....භානුක කියන එකා ගෙදරින් කකා බිබී රස්තියාදු ගගහා ඉන්නවා...අනිත් අයත් එසේම තමා...එතකොට සතීශ්  කියන්නේ අපේ කීර්ති කුට්ටිගේ අයියා...ඌ දෙමල කොල්ලෙක්..හැබැයි අනිත් උන්ට වඩා සතීශ් අයියා ගොඩක් හොදයී...කීර්තිට එහෙම හරි ආදරෙයී...වෙලාවකට ඒකිව ඉස්කෝලෙට එහෙම දාන්න එනවා......යශ්මිත කියන එකා ගැනනම් කතා කරලා වැඩක් නැ ඌත් භානුක වගේම තමා...හැබැයි භානුකට වඩා ගොඩක් සීතල චරිතයක් හරියට හේෂ් අයියා වගේ.....ගමේ කොහෙ හරි වලියක් ගියොත් අනිවාරෙන් මුන් ටික කොහෙන් හරි සම්බන්ධයී....මුන්ට ගහගන්න බැරි උනොත් වලිය බලන් ඉන්න ගෑනියෙක්ගේ කෙස් ගහක් හරි ගලවලා රණ්ඩු වෙනවා...ඒ වගෙ චරිත ටිකක් ඒ......දැන් මට තියන එකම ප්‍රශ්නේ මුන් ටිකව හේෂ් අයියා දන්නේ කොහොමද කියලා....හේෂ් අයියට සුදු මල්ලි කියලත් කිව්වා..මෙයාලා කලින් ඉදන්ම අදුරනවද දන් නෑ.......නෙතූ පුතා දන් නැති ගොඩක් දේවල් මේ ලෝකේ තියනවා වගේ................


අවාරෙක මෙහි ඇවිත්_🦋🌙❤️ °|ආදරණීය කතාවක්|° ONHOLD🦋 TKWhere stories live. Discover now