"Thambaru!
Thambaru!
Are you ok?
Please open the door!"

මං අරින්නෙ නෑ දොර.
කවදාවත්ම අරින්නෙ නෑ.



අයියා දොරට ගහ ගහ ඉඳල යන්න ගියා.
කිසිම කමකට නැති Lex Luthor!

මං dvd එක දාගෙන පණ යනකල් නටන්න ගත්තා. මේකත් දුන්නෙ අයියා!
ආයෙම ඉතින් එහෙම සැරින් සැරේට එකේක දේවල් ගෙනත් දෙන්න එයා නෑනෙ මගෙ ලඟ!

මං ටීවී එක ඕෆ් කරලා දාලා උඩට දිව්වා. කාමරේට ගියත් එතනත් අයියා දීපු ඒවා.
Nintendo එක!
Supermanලා!
Stickers පොත!

මං ඒ ටික සේරම bag එකකට දාලා ගැට ගැහුවා. දැන් විසි කලා නම් හරි!

ඒත් ඉතින් විසි කරන්නෙ කොහොමද?
මං ආසම බඩු ටික ඒවනෙ!
අනික ඒවනෙ අයියව මතක් වෙන්න හරි තියෙන්නෙත්!
ඒත් අයියව එහෙම හැමදාම මතක් වෙද්දි එයා ලඟ නැති වුනාම මට දුක හිතෙනවනෙ.

ඉතින් මං ඒ ටික එහෙම්මම කාමරේ බිමට අතෑරලා දාලා එලියට දිව්වා. බයිසිකලෙත් අරගෙන යන්න ගත්තා.

දැන් මං මොකද කරන්නෙ?
කොහෙද යන්නෙ?

මං ඔහේ පාරවල් දිගේ බයිසිකලේ පැදගෙන ගියා.
මේ ඉන්න වෙන මනුස්සයෙක් වෙන්න පුළුවන් නම් මට. හිනා වෙවී සතුටින් ගෙදර යන කවුරුම හරි එක්කෙනෙක්!
එක්කො මේ සේරම හීනයක් වෙනවා නම්. එකපාරටම එදා වගේ අයියගෙ තුරුලෙ ඉඳන්ම මං ඇහැරෙනවා නම්!
සේරටම වඩා, අයියෙ ඔයා මාවත් ඔයත් එක්කම එක්කගෙන යනවා නම්!

මං හුලඟ කපාගෙන වේගෙන් වේගෙන් බයිසිකලේ පැදගෙන ගියා. එකපාරටම ඉස්සරහින් ලොකු වංගුවක් පෙනුනා. ඒත් මං වේගෙ අඩු කලේ නෑ.
වේගෙන් බයිසිකලේ නමලා වංගුව ගද්දි අමුතුම ගතියක් දැනෙනවා.

ඒත් අම්මෝ.... බයිසිකලේ ලිස්සුවා.
මං එක පැත්තකටයි බයිසිකලේ තව පැත්තකටයි විසි වෙලා ගියා.

"ආ....ව්!!!"

කකුල නම් ඉවරයි.
කෙසෙල් ගෙඩිය ලෙලි ගැහුවා වගේ හරියට.
නැගිටගන්නත් බෑ.
ඒක නම් කමක් නෑ, බයිසිකලේ කැඩිලා නැත්තම්. මොකද කැඩුනොත් හදාගන්න සල්ලිත් නෑ.
අර පුස් ඌරට තිබ්බ සේරගෙම්ම තෑගි අරන් දුන්නනෙ!

මං අමාරුවෙන් ඇවිදගෙන බයිසිකලේ ලඟට ගියා.

"පුතා කකුල තුවාල වෙලා නේද?"

මානස (Completed)Where stories live. Discover now