ඒත් ඉතින් මං ඔයාට ගොඩාක් ආදරෙයිනෙ අයියෙ!

මං හිතාගෙන හිටියෙ ඔයත් එක්ක හැමදාමත් ඉන්න.
ඔයාට කවුරුහරි කරදර කරන්න හැදුවොත් ඒ හැමෝවම fight කරලා පරද්දලා දාන්න.
ඔයා කරන්න ආස නැති දේවල් කරන්න වුනොත් ඈත කැලෑවකට හරි එක්කගෙන ගිහින් ඔයාව බේරගන්න.

ඒත් දැන් ඉතින් ඒවා එකක්වත් කරන්න වෙන්නෙ නෑනෙ මට.
අඩුම ගානෙ උදේට නැගිටිද්දි ඔයාගෙ ලස්සන හිනාව බලන්න ලැබෙයි කියලා හිතාගෙන නැගිටින්න වෙන්නෙවත් නෑ.

මං දඟලලා දඟලලා නැගිට්ටා.
මෙතන ඉන්න බෑ මට.
අයියා ලඟ ඉද්දි අයියට යන්න දෙන්න බෑම කියලා හිතෙනවා.
එත් එයා යන්න ආස ඇතිනෙ.
නැත්තම් යන්න ලෑස්ති වෙන්නෙ නෑනෙ.
අනික මාවත් එක්කගෙන යන්නම් කිව්වෙත් නෑනෙ එයා.
ඒ කියන්නෙ මාත් එක්ක ඉන්නත් එයාට ඕනෙ නැතුවැති.

"Can you take me with you?"

අන්තිම පාරට ඒත් අහලා බලන්න හිතුනා මට. එහෙම කරන්නත් පුළුවන් කියලා එයාට අමතක වුනාද දන්නෑනෙ.

"Haa?!!"

"Can I go with you?"

"I....
Well......
Maybe not now.
But someday, yes.
I'll take you with me!"

"When?"

"Once you grow up.
Once you are big enough to take your own decisions!"

"I can take my own decisions now!
I'm not a baby you know!
How long do you want me to wait?!"

"Well....
My cutie pie!
Please don't get angry!
You may be big enough.
But I'm still using thaththi's money.
So let me grow up a bit more ok?"

"So you are gonna leave me again!
You promised you'd stay with me forever!"

"And I will.
Going to the UK wouldn't change anything little thief!
I'll call you everyday!
If I can't call, I'll msg!"

"Did you call me when you went that trip?
Did you even remember me?
You just had fun!
And I was waiting for you the whole time!
I hate you ayye!
I hate you so much!
Never ever talk to me again!"

මං අයියව තල්ලු කරලා දාලම බයිසිකලේට නැගලා යන්න ගත්තා. අයියා නෙමෙයි ඒ පුස් ඌරා!
මං තරහයි!
තරහම තරහම තරහයි!
ආයෙ කවමදාකවත්ම යාළු වෙන්නෙ නෑ!

"Thambaru!
Thambaru!!
Please stop!
Wait till I come....!!!"

පුස් ඌරා පිටිපස්සෙ ඉඳන් කෑගහනවා.
කමක් නෑ ඕන තරම් කෑගහගත්තු දෙන්.
මට වැඩක් නෑ එයාව!

ඒත් එයත් මගේ පස්සෙන්ම එනවා.
මේ මොන වදයක්ද?
මං පුළුවන් තරම් හයියෙන් බයිසිකලේ පාගගෙන ගෙදර ගියා.
පුස් ඌරා එන්න කලින් ගේ ඇතුලට ගිහින් දොර ලොක් කරගත්තා.

මානස (Completed)Where stories live. Discover now