07🦋🤍

336 70 50
                                    

..................

මම මේ දහ අතේ කල්පනා කරන්නේ හේෂ් අයියා ගැන..අනේ මන්දා අප්පා මටනම් තේරෙන් නෑ...මගෙ හිතටත් හරි නෑ...එදා හේෂ් අයියා කියන්න ගියපු දේ මට හරියට අහගන්නත් බැරි උනා අර ඇට වවුලා නිසා.ගෝත පිසාචයා එකපාරම කඩන් පැන්නා හේෂ් අයියගේ කාමරේට ශිකේඒඒ..මූ නම් සාපයක් ඇත්තමයී......

..................................................................................

මං අම්මිලා ගාවට යන්න යද්දී එයා මගේ අතින් අල්ලලා මාව නැවැත්තුවා................

" අ_ඇයි  ම්_මගේ හිත ම්_මට  රිදෙන ද්_දේවල්ම ඉල්ලන්නේ....."හික්"......"

"අ_අයියේ.."


හේෂ් අයියා මගේ අතිනුත් අල්ලගෙන ඔලුව බිමට හරවගෙන අහනවා " එයාගේ හිත ඇයි රිදෙන දේවල්ම ඉල්ලන්නේ කියලා " මං මොනවද දෙයියනේ කියන්නේ..අනේ ඇයි එයා මෙහෙම..එයා කලින් කාටහරි ආදරේ කරලද...නැත්තන් වෙන ප්‍රශ්නයක් ද...මට මොකුත් හිතාගන්න බෑ..හේෂ් අයියගේ කටින් ඉකියකුත් පිටවුනා..එයා අඩනවා කියලා මට හංගන්නද කොහෙද ඔලුව බිමට හරවන් ඉන්නේ...හේෂ් අයියගේ අතත් එක්ක පැටලිලා තිබුනු මගේ අත ඒ අත් වලින් ගලවගෙන මං එයාගේ මූණෙන් තියාගත්තා...එතකොටත් එයා ඔලුව බිමට හරවන් ඉදියේ..එයා අඩනවා මට ඒක තේරෙනවා මොකද සැරෙන් සැරේ එයාගේ උරහිස් ගැස්සෙනවා මං දැක්කා......



"අ_අයියේ ඔලුව උස්සන්නකෝ.."

"........................"

" කෝ ඉතිම් ..... ම්ම්ම්...උස්සන්නකෝ ඔලුව.."



" ම්_මට  ර්_රිදෙනවා..."


" ඇයි අයියට රිදෙන්නේ ඉතින් ...ම්ම්.."


" ..හ්_හික්..."



මං හේෂ් අයියට ඔලුව උස්සන්න කියද්දිවත් එයා ඔලුව ඉස්සුවේ නෑ ඒ නිසා මං බලෙන්ම එයාව මගෙ පැත්තට හරවගත්තා..අද ඒ කෝපි ඇස් ගන්න දෙයක් නෑ..වෙනදට හරි අපූරුවට දිස්නේ ගහන ඇස් අද මලානික වෙලා ගිහින්..ඒ ඇස් වලින් කදුලු වාන් දානවා වගේ හරියට නිමක් නෑ ඔහේ ගලාගෙන යනවා..මේ මිනිහා කොච්චර කාලයක් මෙහෙම ඉන්න ඇතිද දෙයියනේ...මෙහෙමත් කදුලු එනවද මිනිහෙක්ට අඩන්න...ඒත් මට එක දෙයක්නම් හොදට තේරුම් ගියා  එයා මෙච්චර කාලයක් හිරකරන් ඉදපු සේරම කදුලු වෙන්න ඕන මේ මේ විදිහට පිටකරන්නේ....හේෂ් අයියා අඩ අඩාම මට  කිව්වා එයාට රිදෙනවා කියලා .. මං එක අතකින් එයාගේ කදුලු පිහදදා අනිත් අතින් එයාගේ ඔලුව අතගාලා ඇහුවා "ඇයි රිදෙන්නේ"කියලා...ඒත් එයා මට උත්තර දෙනවා වෙනුවට කලේ මගෙ බඩට ඔලුව තද කරන් අඩපු එක....මාත් එතනින් එහා මොකුත් කියන්න ගියේ නෑ එයාට ඇතිවෙනකන් අඩන්න කියලා මං එයාගේ ඔලුව අතගගා ඉදියා...........


අවාරෙක මෙහි ඇවිත්_🦋🌙❤️ °|ආදරණීය කතාවක්|° ONHOLD🦋 TKWhere stories live. Discover now