• පහළොස් වන දිගහැරුම •

Start from the beginning
                                    

" එතකොට තමුසෙගෙ අම්මා ?? "

" අම්මට කියන්නේ නැහැ බ්‍රහස්පතින්දයි සිකුරාදයි ලෙක්චස් නැහැ කියලා .. මම තීර්ථලගෙ ගෙදර ගිහින් ඌ එක්ක ඩීජේ එකට ඉදලා ගෙදර යනවා !! "

" ඩීජේ එක ඉවර වෙන්න රෑ වෙයි එතකොට මොකද කරන්නේ ?? "

" ඊසී ඊසී !! පාඩම් කරන්න තීර්ථලගෙ ගෙදර යනවා කියනවා !! "

තීනු තමන්ගේ කොණ්ඩේ කැරැල්ලක් කන පිටු පසින් රදවා ගන්න ගමන් කියද්දි තීනුගේ කපටි කතාවට යුගාන්ට හිනා ගියා . තීනුගේ අම්මා යුගාන්ට ලෙක්චස් නැත්තම් කැම්පස් එකේ තියෙන ඩීජේ පාටිස් වලට ඉන්න දෙන්නේ නැහැ ඉතිම් තීනු කරන්නේ ලෙක්චස් නැහැ කියලා නොකියා වෙනදා වගේම කැම්පස් එන විදිහට ගෙදරින් ඇවිත් තීර්ථලගේ ගෙදර යන එක .

එහෙ ඉදන් ඩීජේ පාටි වලට ගැලපෙන ඇදුමකුත් ඇදලා ඩීජේ එකටත් ඉදලා තීනු හොදට එන්ජෝයි කරලා ආයේ ගෙදර එද්දි උදේ ඇදන් ගියපු ඇදුම ඇදන් එන්නේ පාඩම් කරලා මහන්සි වෙලා වෙනවා වගේ . තීනු කරන මේ හොර අජාසත්ව වැඩේ තාම තීනුගේ අම්මට නම් මාට්ටු උනේ නැහැ . ඒත් තීනු කියන්නෙත් යුගාන් වගේම කොල්ලෙක් කොහොමත් කොල්ලොන්ව හිර කරලා හදනවා කියන එක නම් බොරුවක් .

" තමුසෙ ගොඩක් නරක් වෙලා තීනු !! "

" අනේ මේ හරි සීලවන්තයනේ මට කියන්නේ !! "

තීනු යුගාන්ට රවන ගමන් මේසේ උඩ තිබුනු තමන්ගේ පොත් ටික බෑග් එකට දා ගත්තා . තීනු පිටි පැස්ස හැරිලා බැලුවේ තීර්ථ තාම ලෙක්ච හෝල් එකේ ඉන්නවද කියලා බලන්න වාසනාවකට වගේ තීර්ථ තාම නෝට් ටික කම්ප්ලීට් කරනවා දැකපු නිසා තීනු තමන්ගේ බෑග් එකත් දාගෙන තීර්ථ ගාවට දුවන්න හදද්දි යුගාන් තීනුගේ බෑග් එකෙන් අල්ල ගත්තා .

" කොහෙද දුවන්නේ ?? "

" තමුසෙ නිසා තීර්ථ තරහා උනානේ එයාව යාලු කර ගන්න !! "

තීනු යුගාන්ට රවලා කියද්දි යුගාන් තමන්ගේ අත් දෙක හරහට බැද ගන්න ගමන් තීනු දිහා ඇස් හීනි කරලා බැලුවා .

" තමුසෙ බබෙක්ද තීනු ?? පොඩි එකෙක් වගේ හැසිරෙන්නේ ?? "

" අනේ මේ තීර්ථව නැති කර ගන්න බැහැ එයා මගේ හොදම යාලුවා මම යනවා එයා එක්ක කතා කරන්න !! "

සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 Where stories live. Discover now