වෙලාවට උදේට පස්සෙ මට ආයෙම උණ හැදුනෙ නෑ. ඉතින් හවස් වෙනකල් අමාරුවෙන් ඉඳලා ඉඳලා අම්මා කෑගහද්දිම මං අයියව හොයාගෙන දිව්වා.
පුස් ඌරා මගේ!
මාව දාලා ආයෙමත් යන්න ගිය මෝඩ ගස් ගෙම්බා!

අනේ ඉතින් මං යද්දි අයියා නිදි.
මං දීපු table lamp එක එයාගෙ එහා පැත්තෙ. එයා ඒකෙ music එක on කරගෙන.
ඒ කියන්නෙ එයා ඒකට ආස ඇති.
අම්මෝ! යාන්තම්!
මං කැටේ කඩලා ගත්තෙ ඕක.
වෙලාවට මගේ කැටේ ඇතුලෙ නෝට්ටුත් තිබුනා. නැත්තම් හීනෙන් තමයි ගන්න වෙන්නෙ!
හැබැයි අයියා හිනා වෙද්දි මේ නෙළුම් මල් කැලේ. අයියට තරම් ලස්සනට හිනා වෙන්න කාටවත්ම බෑ!

ඒ වුනාට මට පෙන්න බැරි කැතම කැත රතු පාට table lamp එක තාම මේසෙ උඩ. කවුද දන්නෑ ඒක දුන්න මෙලෝ රහක් නැති මනුස්සයා!
මේ පුස් ඌරු තඩියත් කිසිම කමකට නෑ. කිව්වෙ නම් කොහොමද!
ඔයා ගෙනත් දෙන එක තමයි මං මේසෙ උඩින් තියාගන්නෙ!
කෝ දැන් තිබ්බද දන්නෑ.
අපරාදෙ එදා පොලවෙ ගහපු වෙලේ කැඩිලම ගියේ නෑනෙ මේ රතුපාට හුචක්කුව!

මං ඒ කරුමක්කාර table lamp එක dustbin එකට දාන්නත් හදලා, ආයෙම කෝකටත් කියලා කබඩ් එකකට දාලා වැහුවා. මගේ ලස්සන table lamp එක මේසෙ උඩින් තියලා on කලා.
දැන් හරි!

ඊලඟට අයියගෙ එහා පැත්තෙන් හාන්සි වෙලා එයාගෙ කොට්ටෙටම ඔළුව තියාගෙන ඇස් පියාගත්තා. ආයෙම නම් මැරෙනකල්ම ලෙඩක් හැදෙන එකක්නෑ මට!
අයියා ලඟනෙ දැන් ඉන්නෙ!


මට ඇහැරුනේ සනීපෙට ඔළුව පුරා ඇඟිලි ටිකක් එහේ මෙහේ යද්දි.

"Wake up my superhero!"

අයියා රහසින් වගේ මගේ කනට ලං වෙලා කියනවා.
මාරම සනීපයි!
දිව්‍ය ලෝකයක් වගේ හරියට!
ඒ සනීපෙටම මං තවත් ටිකක් ගුලි ගැහුනා.
එතකොටයි තේරුනේ හරියටම දැනෙන සනීපෙ මොකද්ද කියලා.

අයියා මාව තුරුල් කරගෙන!
දෙයියනේ දෙයියනේ!
අයියා මාව බදාගෙන මේ ඉන්නෙ!

අනේ මන්දා එකපාරටම මට ලැජ්ජ හිතෙන්නත් ගත්තා. අයියගෙ කාමරේට ඇවිත් එයාගෙම කොට්ටෙ නිදාගෙන එයාට තුරුල් වෙලාම ඇහැරෙන්න යන්නෙ මං!
අද රෑටත් මෙහේම ඉන්න බැරිවෙයිද දන්නෑ. එතකොට අයියා ලඟ ආයෙත් නිදාගන්න පුළුවන්!

මානස (Completed)Where stories live. Discover now