• දහහතර වන දිගහැරුම •

Start from the beginning
                                    

" අනේ ඊයා යකෝ ඒ වට බඩ්ඩ ගෙන් නම් මට උම්මා එපා !! ගොන් වට බිජු යුගාන් නීචයා "

" ඇත්ත ඇත්ත ඌ නම් නීච වටයෙක් කොටින්ම කිව්වොත් ඕකා පිරිමි ගණිකාවක් !! "

තීර්ථ ඇගිල්ලත් දික් කර කර කියද්දි තීනු තීර්ථ කියන හැම මල ඉලව්වකටම ඔලුව වනන්න ගත්තා . තමන්ගේ නංගි උනු හස්නා එක්ක ඉන්න ටිකට මෙහෙම නම් යුගාන් ඇත්තටම කෙල්ලෙක් එක්ක හිටියොත් තීනුයි තීර්ථයි එකතු වෙලා යුගාන්ට කැලෑ පත්තරත් ගහයි මොකද ඕකුන් දෙන්නා කියන්නේ අමුතුම බඩ්ඩවල් දෙකක් . ආයේ ඉතිම් යුගාන්ට ලේසි වෙන්නේ නැහැ .

තීනුට වඩා යුගාන් එක්ක තරහක් තියෙන්නේ තීර්ථට . කිසිම හේතුවක් නැති උනත් තීර්ථට යුගාන්ව පේන්න බැහැ . යුගාන් උනත් කැමති නැහැ තීනු තීර්ථව ආශ්‍රය කරනවට මොකද තීර්ථට යුගාන්ව පේන්න බැහැ වගේ යුගාන්ටත් තීර්ථව පේන්න බැහැ . ඒත් උන් ඔක්කෝම යාලුවෝ !! ගොඩක්ම තීනුත් යුගාන්ට අකමැති වෙන්නේ තීර්ථයා ගිහින් යුගාන්ගේ වැරදි එකක් නෑර තීනුගේ කනේ තියන නිසා .

කවදාවත් තීනුට යුගාන් ගැන හොදක් අහන්න නම් ලැබිලා නැහැ . යුගාන් අරයට ගැහුවා යුගාන් මෙයාට ගැහුවා යුගාන් කැම්පස් එකෙන් පැනලා යුගාන් ප්‍රොෆිසෙර් කෙනෙක්ට බැනලා යුගාන් අරක කලා මේක කලා බ්ලා බ්ලා බ්ලා . ඉතිම් ඒ වගේ දස මදාවියෙක්ට ආදරය කරන්න කියා ලං වෙන්න වත් තීනුට හිතක් තිබුනේ නැහැ . හැබැයි යුගාන් ගැන තීනුට අකමැත්තක් තිබුනෙත් නැහැ .

" ඒක නෙමෙයි උබ යුගාන්ව දැක්කද ?? අද උදේ ඉදන් මම ඕකව දැක්කේ නැහැ !! "

" සිතිජව දැක්කට ඌව නම් දැක්කේ නැහැ අදත් උදේම ඕකා අරකි එක්ක කැම්පස් එකේ වටේ යනවා ඇති "

" මං ගිහින් බලලා එන්නද ?? "

" ඇයි උබේ පුකේ රුදාවද ??? "

තීර්ථ මූණත් පුම්බත් අහද්දි තීනු තමන්ගේ බෙල්ල පිට පස පිරිමදින්න ගත්තා . යුගාන් ගැන තීනුට හොයලත් බැහැ හොයන් නැතුවත් බැහැ . කොහොමත් තීනුට ලැජ්ජාවකුත් නැහැ . හස්නා එක්ක යුගාන් මොනවද කරන්නේ කියලා හරි හොයලා බලන්න තීනුට ඕනේ උනා . ඔය කොච්චර තීනු යුගාන්ට බැන්නට තීනු හැරෙන පරක්කුවෙන් වෙනස් වෙනවා කියලා ආයේ තක්කෙටම තීර්ථ දැනන් හිටියා .

සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 Where stories live. Discover now