"Are you cold little thief?
Let's go to your place first.
So you can change and come."

"නෑ නෑ අයියෙ.
මට සීතල නෑ.
අපේ ගෙදර ගියොත් ඔයා සීතලේනෙ.
මට නම් තෙමෙන එක ගානක් නෑ. වැස්ස දවස්වලට කොහොමත් තෙමීගෙන තමයි ගෙදර එන්නෙ."

ඔන්න ඒ පාර ආයෙමත් අයියා හිනා වෙනවා!
එයාව හිනස්සවන්න නම් ලොකුවට අමාරු නෑ වගේ. ඒක හොඳයි. මට ඇති වෙනකල් හිනස්සලා ඒ දිහා බලාගෙනම ඉන්න පුළුවන්.

"පණ්ඩිත සීයා මගේ!"

එයා මගේ කොණ්ඩෙ කපුටු කූඩයක් වගේ අවුස්සන ගමන් කියන්නෙ.

"Ok, let's do like this then.
We both will go home and change.
You can come to me afterwards.
But remember to bring an umbrella ok?
Or do you need me to pick you up?"

අයියා ආයෙම අහනවා.
පිස්සු අයියෙක් දෙයියනේ!
මං මොකෝ මනමාලියෙක්ද ගෙදරටම ඇවිත් එක්කගෙන යන්න!

"No.....
Of course I can come!
Just 5 minutes!"

ඉතින් මං ගෙදර දුවලා ඇඳුම් මාරු කරගෙන ආයෙම අනිත් පැත්තට අයියව හොයාගෙන දිව්වා. එයා කිව්වට කුඩ ගේන්න කියලා දැන් වැස්ස අඩුයි. යන්න තියෙන්නෙත් අඩි දෙක තුනයි. ඉතින් ඔය ටිකට කෙල්ලෙක් වගේ කුඩ අස්සෙ රිංගගන්න මට පිස්සුයැ!

"You really are a stubborn little rascal!
See your clothes are wet again!
Come here I'll wipe your head!"

මං යද්දි අයියා ඔළුව පිහ දදා හිටපු towel එක එහෙම්මම මගේ ඔළුවට දැම්මා එයා. අනේ මන්දා මට නම් ඕවා අවුලක් නෑ. ඒත් අම්මා නම් කියලා තියෙන්නෙ towels මාරු කරගන්නෙ නෑ කියලා.
අයියටත් මට වගේ ඕවා ගානක් නැතුවැති. මාත් අම්මගෙ එකෙන් පිහිදාගන්නවනෙ ඇඟ ඕන තරම් හොරාට.

මං ආසයි අයියා මගේ ඔළුව පිහිදාන හැටියට. දැන් මගේ කොණ්ඩෙ ටිකක් වැවිලත් එක්කනෙ. එයා ඒ කොණ්ඩ කෑලි ටික ටික අල්ලගෙන හරිම ලස්සනට ඒවා දිගේ හෙමින් හෙමින් ටවල් එක ඇදගෙන අරන් එනවා. මට හිතෙන්නෙ මං වළාකුළු අස්සෙ පා වෙවී ඉන්නවා කියලා. ඇත්තටම අයියලගෙ ගෙදර හැමදාම නැවතිලා අයියත් එක්කම ඉන්න තියෙනවා නම් කොච්චර ශෝක්ද?

"Where were you all these days?"

අයියා එකපාරටම මාව හීන ලෝකෙන් ඇදලා අරන් බිමට දැම්මා.

"Home!"

මං කිව්වෙ පුදුම වෙලා. ඇත්තටම මං ගෙදරනෙ හිටියෙ. අයියට නම් යන්න විභාගයක්වත් තිබුනා. මට මොකුත්ම තිබුනෙ නෑනෙ.

මානස (Completed)Where stories live. Discover now