අයියා ආයෙම හිනා වෙනවා.
මං ඉතින් බලාගෙන ඉන්නවා.
අයියව හිනා ගස්සන්න පුළුවන් දේවල් ඔක්කෝම ටික මතක තියාගෙන ඉන්න ඕනෙ.

"Yes I did.
But if they are not good enough, you can always switch or stop them."

"නෑ නෑ
එහෙම නෑ.
ඒවා හොඳයි. මං ආසයි!"

අයියා මගේ ඔළුව අතගාන්න ගත්තා ඒ පාර. දැන් නම් ඇත්තටම එයා ඔළුව අතගානවා නෙමෙයි. එයාගෙ ඇඟිලි මගේ තට්ටෙ දිගේ තල්ලු වෙවී පාවෙනවා. එහෙම වෙලාවට ඇස් දෙකත් පියාගත්තම නියමයි. දිව්‍ය ලෝකෙ ගිහින් වගේ. මාරම සනීපයි.
අයියා ඇත්තටම මැජික්කාරයෙක්ද දන්නෑ. සමහරවිට අර harry potter එකේ වගේ එයා මේ magic විභාගෙකට වෙන්නැති පාඩම් කරන්නෙ.



දවස් ගෙවිලා ගෙවිලා ගිහින් අයියගෙ විභාගෙත් ලඟටම ආවා. පව් එයා හොඳටම බය වෙලා ඉන්නෙ.

"I feel like I'm gonna explode little thief!"

විභාගෙට දවස් තුනක් විතර කලින් අන්තිමට හම්බුනාම එයා එහෙමයි කිව්වෙ.

"බය වෙන්න එපා. අයියා හොඳටම කරයි."

මං තමයි මේ පාර එයාගෙ අත උඩින් මගේ අත තිබ්බෙ. එතකොට අයියා මගේ අත හයියෙන් අල්ලගත්තා.

ඒත් මගේ ඇඟේ නම් ලොකු ලෙඩක් තියෙනවා අනිවාර්යයෙන්ම. මොනවා කරන්නද මන්දා.
ගල් පතුර ඇඟ පුරාම දුවනවා වගේ.
මොකද අයියා මගේ අත අල්ලගත්තා විතරයි ඔළුව ඇතුලෙ විදුලියක් කෙටුවා වගේ එකක් වුනා. පපුවත් ගැහෙන්නෙ අමුතු විදියකට. මැරෙන්න ලඟයි වගේ හොඳටම. කමක් නෑ ඉතින් මොනවා කරන්නද. මැරෙන්න කලින් අයියගෙ විභාගෙ ඉවර වෙලා එයත් එක්ක අර එදා වගේ ඇති වෙනකල් පිස්සු නටන්න තිබුනොත් ඇති.

"What if I couldn't?
What if I fail everything miserably?"

"Then let's try again."

අයියා මගේ දිහා හොඳට බැලුවා. මං කිව්ව එක හරි නෑද?

"I can't.
I don't want to.
I never ever want to go through this again."

"Ok. Then don't do it."

"But how?
I can't live off my parents forever.
We all have to find our own living!"

ඔව් ඉතින් අයියා කියන්නෙත් ඇත්ත තමයි. ලොකු වුනාම කරන්න රස්සාවකුත් හොයාගන්න ඕනෙනෙ.

"Can't we run away?
I don't want to see you sad ayye.
If things are too much let's go away.
I'll come with you.
We'll go somewhere and live somehow!"

මානස (Completed)Where stories live. Discover now