05🦋🤍

343 73 71
                                    

..............................

"ලස්සනයි"

අ_අහ්"

ඒ ගොරෝසු කටහඩේ අයිතිකාරයා වෙන කවුරුත් නෙවේ ඒ "එයා" හේෂ් අයියා...එයාගේ නම ඒකලූ අන්කල් තාත්තා එක්ක කියනවා මට ඇහුනා....

"හද " ලස්සනයිනේ

ම්ම්ම්....

එයා ඇවිත් මගේ එහා පැත්තෙන් ඉදගෙන ඈත අහස දිහා බලන් ඉදලා " හද ලස්සනයි නේද " ඇහුවා..මමත් "ම්ම්" කියලා එයාට කෙටි උත්තරයක් දුන්නා..

උබලා දන්නවද බං සමහර දේවල් මෙහෙමයි කියලා වචනයෙන් විස්තර කරන්න බැරි තරම් හරියට ඒ බැල්ම වගේ..වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කිව්වොත් එයා කෝපී ඇස් තියන පිරිමි ළමයෙක්...හද එලියට ඒ ඇස් හරි හරියට දිලිසෙන්න අරගෙන. බලන් ඉන්න ආස හිතෙන තරමටම ඒ ඇස් දිස්නේ ගහනවා..එයා හුගක් ලස්සන පිරිමි ළමයෙක් ලස්සනයි කියනවට වඩා කඩවසම් කිව්වොත් ගැලපෙනවා බං.ඝනව වැවිලා තියෙන රැවුල , අකීකරු හිසකෙස් ,තියුනු නහය , හැමදේටම වඩා දිස්නේ ගහන කෝපි ඇස්..එයාගේ ඇහැට යටින් පුංචි බර්ත් මාක් එකක් තියෙනවා ඒ ලප වලට කඩවසම් බවත් එක්ක සරාගී පෙනුමකුත් එයාට ඉබේම ඇවිල්ලා තිබුනා...

මට දැක්ක ගමන් හිතුනේ එයා හරි ගුප්ත අදුරු මායාවක් වගේ කෙනෙක් කියලා..තව විදිහකින් කිව්වොත් බං එයා රහස් වලින් පිරුණු සංකීර්ණ පිරිමි ළමයෙක් ....

"තව කොච්චර වෙලා මං දිහා බලන් ඉන්නද කල්පනාව"

කෝපි ඇස්වල ගිලිලා උන්නු මාව ආයෙත් ගැස්සුනේ ඒ ගොරෝසු කටහඩට...එයාගේ ඒ හිතුවක්කාර  බැල්ම එක එල්ලේ මගේ දිහාට ඒ වෙනකොටත් වැටිලයි තිබුනේ.එයා ඇවිත්  උර උර ඉදපු සිකරට් එකේ බාගයක්ම දැන්  ඉවර වෙලා ගිහින් ..ඒ සිකරට් දුම මගේ මූණ පුරා යනවා..ම්ම්හ්..!සුවදයී !! නහය කඩාගෙන යන සුවදක් එයා ගාවින් එන්නේ..හරියටම කිව්වොත් සිකරට් එක්ක මික්ස් වෙච්ච මින්ට් සුවදක් එයා ගාවින් ආවේ....මට ලැජ්ජා හිතුනා " තව කොච්චර වෙලා එයාගේ දිහා බලන් ඉන්නවද " කියලා  අහද්දී..ඉතිම් ඒ සැනින්ම මම එයාගේ කෝපී ඇස් මගෑරලා බිම බලාගත්තා.....

"ඒත් ලස්සනයී"

ඔන්න ඉතිම් මට මල පනිනවනේ දැන්..ම්හ්ක්...මේ මිනිහා මොනවද ඔච්චර ලස්සනයි ලස්සනයී ගාන්නේ..ඉස්සර වෙලානම් හද ලස්සනයි කිව්වා...දැන් මොනවටද මේකා ලස්සනයි ගාන්නේ...ම්ම්හ්ක් හාරී ඉතිම් මං වගේ ලස්සන සුරදූත කුමාරෙක් ඉද්දී කාට උනත් එහෙම හිතෙනවා තමා.හුම්ම්..එහෙමයි කියලා මට ලස්සනයි කියන්න ඕනී නෑ මං දන්නවානේ අනේ ඒක....මෙන්න මේකා රවනවා ඒ පාර..මුගෙත් තියෙන්නෙ මහ ඇම්බැක්කෙවත් නැති කැටයම්නේ වෙලාවකට....පෙනේද මේකගේ තියන රස්තා පෙනුම...යසයි දොස්තරයගේ ලොකුපුචා දුම්පානය කරනවා..තව මොන මොන දේවල් කරනවද දන් නැ...ඒකට අපෙ මැනිකෙයි ධීර් මහත්තයයි සතුටු වෙන්න ඕනා මං වගේ සුරා සූදුවෙන් තොර පුතෙක් සිටීම ගැන...

අවාරෙක මෙහි ඇවිත්_🦋🌙❤️ °|ආදරණීය කතාවක්|° ONHOLD🦋 TKWhere stories live. Discover now