02🦋🤍

462 77 42
                                    

.....................................

දැන් වෙලාව පාන්දර පහ පසුවී විනාඩි විස්සයි !!

අලුත් දවසකුත් උදාවෙලා,පාන්දරම සේනාධීර මහත්තයගේ මැනිකේ රේඩියෝවත් දාලා ලහි ලහියෙම බත් තම්බනවා , හිරු කුමාරයනම් තාම ගැබුරු නින්දක ඒ උනාට මොකද ඉතිම් චූටි චූටි කුරුලු පැංචොන්ගේ ,පැංචියන්ගේ මිහිරි නාදෙත් එක්කලා අදත් වෙනදා වගේම කුකුල් හාමීත් හරි අපූරුවට සිංදු කියන්න පටන් අරගෙන.බලන්නම ඕනා මේ උදෑසන අසිරිය මුලු ගතම හිරිවට්ටගෙන හමන සීතල හුලං , මීදුම් වළා , ම්ම්ම් !! ඒක ගේන්නෙම වෙනම රහක් !! මේ අතරේ පුංචි පැංචෙක් බෝල පස්සත් උඩදාගෙන තාමත් හීන අස්සේ අතරමං වෙලා හරි හරියට සීතලට ගුලි ගැහිලා හොදටෝම නිදි...

චූටී පුතා ~

කෝ නැගිටින්න මහත්තයෝ ~

ම්ම්ම්හ්ක්ක් ~ ම්ම්හූ

ඉස්කෝලේ යන්නේ නැද්ද ආ ~ එලිවෙනකන් ගේම් එකක් බදාගෙන ඉන්නවා ඒලෙවල් කරන ලමයෙක් , දෙයියනේ මේ කොල්ලට ගානක්වත් නැති හැටියක් ~

පස්සත් උඩ දාගෙන හීනවල අතරමං  වෙලා උන්නූ සේනාධීර පවුලේ එකම පුතා උනු නෙත් රූ අභින්සට අම්මා කතා කලේ ඉස්කෝලේ යන්න ලෑස්තිවෙන්න..ඒත් මේකා නෙවේ නැගිටින්නේ..කොහෙ නැගිටින්නද ඉතිම් පාන්දර එක දෙක වෙනකන් ගේම් එකක් බදාගෙන ඉදලා නිදාගන්න ගියාම..සේනාධීර ලොකූ උන්නාන්සේ තමා මේකව මේ හැටි නරක් කරලා තියෙන්නෙ අපේ ලොකු මැනිකේ කියන විදිහට..නෙත්රූට ඕලෙවල් දවස්වල එයාගෙ තාත්තා උන සේනාධීර එහෙමත් නැත්තන් ධීර් පෝන් කට්ටක් ගෙනත් දීලා තමා වැඩේ වරද්ද ගත්තේ..අම්මගේ කටේ බලේටම පාඩම් කරලා ඕලෙවල් පාස් උනා යන්තන්...දැන් ඒලෙවල් ඒකටත් නහින්න වෙන්නේ අපේ සේනාධීර මැනිකෙටම තමා..පොඩි එකාට ඒ ගැන වගේ වගක් නෑනේ..මුටම ඉන්නවා තව තුන්කට්ටුවක් ඒ තුනත් මුටම හරියනවා අපරාදේ කියන්න බෑ...දෙන්නෙක්නම් ගෙවල් ලගමයී..එකෙක් ඉස්කෝලේ කිට්ටුව..වැඩි හරියක් ඉන්නේ නෙත්රූගේ ගෙදර තමා එකතු උනාම මුලු අස්වැද්දුම Lane එකම ඉවරයී ඉතිම් .....

සුදු පුතා !!!

මගෙන් වතුර පාරක් කන්නේ නැතුව නැගිටිනවා ~

අවාරෙක මෙහි ඇවිත්_🦋🌙❤️ °|ආදරණීය කතාවක්|° ONHOLD🦋 TKWhere stories live. Discover now