• දොළොස් වන දිගහැරුම •

Start from the beginning
                                    

" මගෙ ඉරිදා දවසත් කන්න හැමදාම මෙහෙ එන්න එපා පකෝ "

" උබ කිව්වා කියලා මම නෑවිත් ඉන්නේ නැහැ උබේ අම්මා මට එන්න එපා කිව්ව දවසට විතරක් මම නෑවිත් ඉන්නම් අනික උබට බැහැ මට එන්න එපා කියන්න මොකද උබේ තාත්තා උබට තාම ගේ ලියලා දීලා නෑනේ පිනට කකා තාත්තගේ සල්ලි වලින් රගන ගොන් පගයා !! "

යුගාන් දිවත් එලියට දාලා සිතිජට හෙන පල් එක දාද්දි උදේ පාන්දරම යුගාන් එක්ක ඇන කොටා ගන්න තරම් පිට් එකක් නැති නිසා සිතිජ ලග තිබුනු දැල් පුටුවෙන් වාඩි උනා . යුගාන් කිව්වා වගේ සිතිජ හම්බ නොකෙරුවත් ඌ තාත්තගේ සල්ලි වලින් රගන්නේ හරියට ඌ දුක් මහන්සි වෙලා හම්බ කරලා වගේ . පුටුවේ වාඩි වෙලත් තාම නිදි කරන සිතිජව දකිද්දි යුගාන්ට හිතුනේ මූ මොන කාලකණ්ණියෙක්ද කියලා .

" උබ නම් මහ මූසලයෙක් බං මුස්පේන්තුවා වගේ කුණු කෙල පෙරන් ඉන්නේ නැතුව ගිහින් වතුර එකක් දාගෙන වරෙම් "

" ඔව් ඔව් උබත් ඉතිම් මට මූසලයා පකයා මුස්පේන්තුවා කිය කියම මගේම රෙද්ද අස්සෙම නේද රිංගන්නේ ගෝතයා "

සිතිජ බෙඩ් ශීට් එකෙන් යුගාන්ගේ මූණට දමලා ගහන ගමන් කාමරේ මුල්ලේ බිම වැටිලා තිබුනු තමන්ගේ තුවා කැල්ලත් සියාතු ගොයියා වගේ කරෙන් දා ගත්තා . කටු බොඩිය වැහිලා තිබුනු බැනියම් කෑල්ල ගලවලා සිතිජ කාමරෙන් එලියට ගියේ වතුර එකක් දා ගෙන එන්න . සිතිජ එනකල් කකුලත් වන වන යුගාන් ෆෝන් එක ඔබන්න ගත්තා .

ඉන්ස්ටර්ග්‍රෑම් එකේ තීනු පෝස්ට් කරලා තියෙන අලුත් පෝස්ට් වලට ලයික් කමෙන්ට් කර කර ඉද්දි තීනු ඔන්ලයින් කියලා වැටුනු නිසාම ඉන්ස්ටර්ග්‍රෑම් එකෙන්ම යුගාන් තීනුට කෝල් එකක් ගත්තා ඒත් තීනු කෝල් එක කට් කරපු නිසා මූණත් කුණ්ඩ හට්ටිය කර ගත්තු යුගාන් ඉන්බොක්ස් තීනුට මැසේජ් කර කර වද දෙන්න ගත්තා .

ඒත් ඒ හැම මැසේජ් එකක්ම තීනු සීන් කරලා නිකන් ඉද්දි යුගාන්ට දැනුනේ තමන්ගේ කන් වලින් දුම් පිට වෙනවා වගේ හැගීමක් . ඩේටා ඕෆ් කරලා ෆෝන් එක පැත්තට දාපු යුගාන් ඇටි කෙහෙල් කාපු කල වැද්දා වගේ තමන්ගේ කොණ්ඩෙන් ඇද ගත්තා . තීනු කරන දේවල් නිසාම යුගාන්ගේ ඉවසීම එන්න එන්නම යුගාන් ගෙන් ඈතට ගියා .

සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 Where stories live. Discover now