"ආ.... so you are alive!
Good!
Snowy..........."

අනේ දෙයියනේ! Supermanටත් මෙහෙම නවනිංගිරා වැඩ කරන එවුන් මේ ලෝකෙ පහල වෙලා ඉන්නවනෙ!
අඩුගානෙ ඔළුව උඩට හලපු වතුර ටික පිහදාගන්න වුනේ නෑ අර කළු අවතාරෙ දිවත් එලියට දාගෙන මගේ පැත්තට දුවගෙන එන්න ගත්තා.

"අනේ!!! එපා!!!!"

"Snowy! Come here boy!!!"

මං ඇස් දෙක ඇරියෙ අවතාරෙ එහාට වුනා කියලා දැනුනම.
හැබැයි අයියෙ අද මේ කරපු වැඩේට return එක ලැබෙද්දි අඬන්න වෙයි උඹට බලු කූඩුවෙ ලැගගෙනම!

"Little thief!
Get up can come here!"

මේ යකා මාව බලෙන්ම ඇදලා ගත්තා. සීතලටද කොහෙද මාව වෙව්ලනවා. බය  නම් නෑ මං මේ රිරී යකා තියා anaconda ආවත්.
Superman ඇවිල්ලා නිර්භීත කොල්ලෙක්!

හැබැයි මේ පුස් ඌරා නම් මහා ළමා අපචාරකාරයෙක්ද කොහෙදෝ!
නැත්තම් මෙහෙම අපරාද කරයිද? Call කරලා report කරන්න තියෙන්නෙ කුදලං යන්න කියලා පොලීසියට!

"Give me your hand!"

ඔය පේනවනෙ! ඌරු තඩියා බලෙන්ම මගේ අතත් ඇදලා ගත්තා.

"See....
He likes you!
There's nothing to be scared of!"

මගේ අත බල්ලගෙ ඔළුව උඩින් තියලා බලෙන්ම අතගාවන ගමන් පුස් ඌරා කියවනවා. ඒත් මට නම් බෑ දෙයියනේ!
මූ එකපාරටම හව් ගාලා කට ඇරියොත් මාව එක කටටම ගිලලා දායි.

"කෝ අපේ චන්ඩි thief?
Relax!
He's a good boy. He wont hurt you!"

පුස් ඌරා මිනීමස් කන්න කලින් කියන මන්තරයක්ද කොහෙද මතුරනවා. අනේ දෙයියනේ, මේකගෙ ගෙදර නවතින්න එන්න ඕනෙ කියලා මං ඒ බොරුවට කිව්වෙ. මගේ ජීවිතේ මේ ඌරු බලු සමාජෙන් බේරලා දෙන්න!
මං වෙනුවෙන් නෙමෙයි superman නැතුව අසරණ වෙන සුවහසක් පෘථිවිවාසීන් වෙනුවෙන් බේරලා දෙන්න!

"See...
He's really enjoying your touch."

"අනේ මේ අයියෙ! උඹට අමු කැවිලා වුනාට මගේ මොලේ හොඳට වැඩ! ඌ බලාගෙන ඉන්නෙ මාව මසට ගන්නද කොහෙදෝ!
අනේ මට සමාවෙලා ගෙදර යන්න දීපංකො බං!"

"No, first be friendly with him.
He's a good boy.
I promise he wont hurt you!
Just give it a try. Relax and try to enjoy his company."

"අනේ! වෙන ඕනෙ දඬුවමක් දීපංකො අයියෙ. ඕන නම් උඹෙ කිළුටු රෙදි ටිකත් හෝදන්නම්!
පොත් බෑගෙකත් ඉස්කෝලෙට ගෙනිහින් දෙන්නම්!
ඒත් මේක නම් බෑ!"

මානස (Completed)Where stories live. Discover now