කොහොම වුනත් මං පට්ටම මහන්සියෙ හිටියෙ. ඉතින් බෑ කිව්වෙ නෑ. ඇත්තටම බයිසිකලේක දාගෙන මොකෙක් හරි එක්ක යනවා නම් ලොකු දෙයක් තමා. Supermanගෙ කකුල් වලට වුනත් මහන්සි දැනෙනවනෙ.

ඉතින් පුස් ඌරා මාවත් දාගෙන බයිසිකලේ පදින්න ගත්තා. මාරම සනීපයි මෙහෙම යද්දි. හුලං පාර කපාගෙන මූණට වදින්නෙ. දාඩියත් එක්ක මේ මහ රස්නෙ මැද්දෙත් සීතලක් දැනෙනවා.
8දි මාත් මේ වගේ ලොකු බයිසිකලයක් ඉල්ලගන්න ඕනෙ තාත්තට කියලා. දැන් තියෙන පරණ පොඩි එක නම් පැදගෙන යන්න බෑ ඉස්කෝලෙ. විලි ලැජ්ජාවට ටොයිලට් වලකට පැනලා මැරෙන්න වෙන්නෙ.

"Ok thief!
Get down!
I'll be there from 4 to 5. You can come if you wish to."

පුස් ඌරා මාව බස්සලා යන්න ගියා. කාලා නාලා පොත් මිටියකුත් උස්සගෙන මාත් ඉතින් එහේ ගියා.
ගණන් ටික හදලා විද්‍යාව homework එකත් කලා. පුස් ඌරා නරකම නෑ. අපේ අම්මටයි, teacherටයි දෙන්නටම වඩා හොඳයි.
ඇත්තටම උඹට මාව මෙහේ නවත්තගන්න බැරිද අයියෙ? ගෙදරින් පැනලා ගිහින් රස්සාවක් කරන්න වෙනවට වඩා ඒක හොඳ වැඩක්!

"Thief! මට කියපං බලන්න, උඹ මොකද drill එකේ practices නොකරන්නෙ?"

එකපාරටම පුස් ඌරා අහද්දි තමයි මට මගේ පලිගැනීම ක්‍රියාත්මක කරන්න තියෙන විත්තියත් මතක් වුනේ. බලාගෙන ඉඳපංකො අයියෙ මේ පාර මං කරන වැඩේ උඹට!

"මට බෑ අයියෙ ගෑණු වගේ නටන්න.
මොන ලැජ්ජාවක්ද?
අනික මට කියපං, උඹ නේද මගේ නම දැම්මෙ ඒකට?"

"නම කවුරු දැම්මම මොකද?
That's not the problem.
Remember your concert in Grade 5?
You were fantastic that day!
So why don't you give it a try this time?"

මොකක්? ඇත්තටම මට මූ කිව්ව එක හරියට ඇහුනද? මූ කොහොමද ඒක දන්නෙ?
ආ... සමහරවිට මූ ඒකාලෙත් prefect කෙනෙක් වෙන්නැති. ලොකු අයියලා ටිකක් හෝල් entrance එකේ හිටියනෙ. එයින් එකෙක් වෙන්නැති මූත්.
ඒත් ඉතින් 5හේ ඇච්චා කාලෙ නැටුවා කියලා මේ දැන් ඉලන්දාරි වෙලත් නටන්න ඕනෙ කියලා මොන පොතේද තියෙන්නෙ?

"Dancing's not a women's thing little thief!
Don't think like that and waste your talent!"

මේ පුස් ඌරා හෙන අමුතුයි. ඌ වගේ එකෙක් මට කවදාවත් සෙට් වෙලා නෑ.

"I have to go now.
But I'll give you something. Go and watch it at home.
මෙහේදි බලන්න දෙන්න තිබුනා. But you are a little rascal!
ඒ නිසා risk එකක් ගන්න බෑ!
But if you really don't like dancing, it's ok. I'll remove your name."

මානස (Completed)Where stories live. Discover now