ඕකනෙ ඉතින් බැරි!
ඇත්තටම මට මේ ගේ අතෑරලා දාලා යන්න බැරිද? පාළු දූපතකට ගිහින් ගංජා හේනක් හරි කමක් නෑ කරගෙන ඉන්න. කරවල වාඩියක කරවල වේලන එක වුනත් නරකම නැතුව ඇති.
ගෙදරින් පැනලා ගියොත් රස්සාවක් හොයාගන්න විදියක් ඇත්තටම නැති වෙයිද දන්නෑ!
නැත්තම් පුස් ඌරට බැරි වෙයිද මාව දරුකමට හදාගන්න ගන්න! ඔන්න එහේ ඉන්න තියෙනවා නම් එකාතකට ගුටි කෑවත් අවුලක් නෑ.

පහුවදා මං drill එකට ගිහින් රිටක් වගේ හිටගෙන හිටියා මිසක් කියපු එකක් කලේ නෑ. ඔහොම ගිහින් එපා වුනාම මාව අත්ඇරලා දායි මුන් ටික! යාන්තම් සැනසිල්ලෙ හුස්මක් ගන්න පුළුවන් එතකොට.
කොහොමත් මං මීට පස්සෙ කැන්ටිමෙන් කන්න සල්ලි නාස්ති කරන්නෙ නෑ. ඔක්කොම එකතු කරගෙන ගෙදරින් පැනලා යන්න ප්ලෑනක් ගහන්න ඕනෙ. නැත්තම් superman කෙනෙක් වෙනුවට මොලේ කර වෙච්ච තවත් පුස් ඌරෙක් තමයි ඉතුරු වෙන්නෙ.

"ඒයි මේ මල්ලි! උණ ගහක් වගේ ඔහොම බලා නොයිඳ අඩුම ගානෙ පොඩ්ඩක් පස්සවත් වනපංකො බං!"

ඔන්න ඒ පාර රිලවෙක් කෑගහනවා. පස්ස වැනිල්ල තමයි අයියෙ මට දැන් අඩු. හැබැයි මේවා මේ එහෙම හැම එකාටම පේන්න වනන්නෑ. මේවා ඇවිල්ලා kryotonවල රාජකීය පස්සවල්!

"පස්සෙ විසප්පුවක් දාලා අයියෙ.
වැනුවොත් ඒක පැලෙනවා කියලා තියෙන්නෙ. අස්සෙ පිරිලා තියෙන එව්වා විසි වුනාට අවුලක් නැත්තම් මං වැනෙන්නම්!"

ආයෙ මොකෙක්වත් ආවෙ නෑ මගේ පස්සෙ හැඩ බලන්න. හැලි වඳුරො ටික!
ඔය දොළහෙ ඉන්න එවුන් ටික සේරම අපායට ගහපු කැලැන්ඩර් වගේ. එකෙක් නෑ හිත හැදෙන්නවත් මූණ දිහා බලන්න පුළුවන්. උන්ව දැක්කම වැනිලා ඇඹරිලා යන්නෙ බොකු බඩවැල් තමා.



"Little thief!
You can come today at 4."

ඉස්කෝලෙ ඇරිලා ගෙදර යන ගමන් පිටිපස්සෙන් ආවෙ පුස් ඌරා. උගේ බයිසිකලේ හදාගෙන ඇවිත් වගේ.

"Want a ride?"

මලා! මං කටත් ඇරන් බයිසිකලේ දිහා බලන් ඉඳලද? ඌ මොකද එහෙම ඇහුවෙ?

"Sit here.
වාඩි වෙලා මෙතනින් අල්ලගන්න.
මාත් යන්නෙ ගෙදර තමයි."

පුස් ඌරා බයිසිකලේ නවත්තගෙන එක කකුලක් බිමට තිබ්බා. ඌ එහෙම ඉද්දි යාන්තමට වගේ ගතියකුත් තියෙනවා හැබැයි. මූ උන්ගෙ වයසෙ කෙල්ලන්ගෙ සිහින කුමාරයද දන්නෙත් නෑ.

මානස (Completed)Where stories live. Discover now