• දහ වන දිගහැරුම •

Start from the beginning
                                    

ඒ අතර ලෙක්චස් වලට වලට එන ගමන් හිටපු තීර්ථයි තීනුයි කැම්පස් එක ඇතුලට ආපු ගමන් එහෙන්මම නතර උනේ ග්‍රවුන්ඩ් එක මැද ලොකූ කෝලහාලයක් දැකපු නිසා . බැලූ බැල්මෙන්ම ලොකු වලියක් කියලා හිතුනු නිසා තීර්ථයි තීනුයි ටිකක් එහාට වෙලා බලන් හිටියේ ගහ ගන්නේ කවුද කියලා බලන්න . ඒත් කිසිම පෙන්නේ නැති තරමටම කට්ටිය වට වෙලා හිටපු නිසා වලියේ අයිතිකාරයා යුගාන් කියලා තීනුට දැන ගන්න බැරි උනා .

" මොකද බං අර "

" කවුද බං දන්නේ මොකෙක් හරි මරා ගන්නවා වෙන්න ඇතී "

" කවුද බං මේ උදේ පාන්දර ලෙක්චස් පටන් ගන්නත් කලින් මරා ගන්න එකා "

තීනු තීර්ථගේ කර අතක් දාන ගමන් කියද්දි තීර්ථ ඇස් දෙකත් හීනි කරන් තීනු දිහා බැලුවා .

" එහෙම එකෙක් ඉන්නවා නම් ඒ ... "

" යුගාන්න් !! "

තීර්ථ කියන්නත් කලින් තීර්ථ කියන්න ගියපු දේ සම්පූර්ණ කරපු තීනු තමන්ගේ බෑග් එක ගලවලා තීර්ථගේ අතෙන් තියන ගමන් සොනික් වැහිලා වගේ ග්‍රවුන්ඩ් එකට දිව්වා . ඔය පණ කඩා ගෙන තීනු ග්‍රවුන්ඩ් එකට දුවන්නේ යුගාන්ව බේර ගන්න කියලා තීර්ථ දන්න නිසාම කටත් ඉරක් කරන් තීනු යන දිහා ඉනටත් අත් දෙක තියා ගෙන තීර්ථ බලන් හිටියා . යුගාන්ගේ කොච්චර පලු ඇරියත් තීනුටත් යුගාන් ගැන හොයන්නේ නැතුව ඉන්න බැහැ .

" අම්මපා ගස් නරියා මූටත් කිසිම ලැජ්ජාවක් නෑනේ "

තමන්ටම මුමුණ ගත්තු තීර්ථ තීනු ඕන පුකක් කර ගත්තාවේ කියලා තීනුගේ බෑග් එකත් එල්ල ගෙන ලෙක්ච හෝල් එකට ගියා . කට්ටිය අතරෙන් රිංගලා ආපු තීනු දැක්කේ තාමත් ඉවරයක් නැතුව කොල්ලෙක්ට ගහන යුගාන්ව . ඒක දැක්ක හැටියෙම තීනුගේ ඇග හිරි වැටිලා ගියේ ඒ කොල්ලා ඉන්නේ ගොඩක් අමාරුවෙන් කියලා දැකපු නිසා . යුගාන් ගාවට ලං උනු තීනු යුගාන්ව තල්ලු කරලා යුගාන්ගේ කනට පාරක් හයියෙන් ගහද්දි හැමෝම සයිලන්ට් උනා .

" තීනු !!! "

යුගාන් තීනු ගහපු තමන්ගේ කම්මුලත් අල්ල ගෙනම තීනුගේ නම මුමුණද්දි තීනු ගෙන් එල්ල උනේ යුගාන්ට දැඩි රැවුමක්

සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 Where stories live. Discover now