"ආරධ්‍ය කාර් එක එලවන්න පුලුවන්නේ මෙයාව අරන් නවලෝකෙට එන්න "
"ඉන්න මිස්ටර් රිද්වින් මමත් එන්නම් "
එච්චරයි අයියා කිව්වේ පඩි තුනෙන් තුනට බැහැලා පැවිලියන් එකෙන් වේගෙන් දුවලා ඈතට ගිය එයාගේ පස්සෙන් ශෙහානි අක්කත් සාරි පොට උස්සන් දිව්වේ මගේ බැක් පැක් එකේ තිබ්බ කාර් කී එක ටවීශ් ආරධ්‍යට විසික් කරද්දි
"ශෙහාන් පුතා මමත් එන්නම්ද ?"
ප්‍රින්සිපල් සරුත් බය වෙලා වගේ බලන් ඉද්දි ආරධ්‍ය මාවත් වත්තන් කරන් පඩි ටික බැහැලා යන්න හදනකොට මිනාගි මිස් අහනවා ඇහුනත් එයා දිහා බලන්නවත් සිහියක් නොතිබ්බ මම කාර් පාක් එකට එනකන් ඇවිදන් ආවේ මොන ලෝකේ ඉදන්ද කියලා වත් දැනන් හිටියේ නෑ ආරු කාර් එක අන්ලොක් කරලා පිටිපස්සේ දොරත් ඇරලා දුන්නම ඒකට නැග්ග මම කාර් එකේ කොනටම ගුලි උනේ බ්ලේසර් එක ගලවලා විසික් කරන ගමන් ඒත් එක්කම පිටිපස්සට මිනාගි මිසුත් නැග්ගා
"රොනාල් මගේ පුතේ නාඩා ඉන්නකෝ ඔයාගේ මාම්ට මුකුත් වෙන්නෑ රත්තරන් "
"මිස් මගේ මාම් අ......ඉහික් "
"ශ්...ශ්.....මුකුත්ම වෙන්නෑ රිලැක්ස් මා බෝයි මාම් හොදින් ඕකේ නාඩා ඉන්නකෝ "
මිනාගි මිස් ශීට් එකේ කොනේ ගුලිවෙලා හිටිය මාව අත් දෙක අස්සට ගන්නකොට බොරු කියන්න ඕන නෑ මට අක්කාවත් ළඟ හිටියනම් කියලා දැනුණා ඒත් එක්කම මට අක්කා ගැන ආවේ තරහක් එයා නිසයි මාම්ට මෙහෙම උනේ එයාගේ ඔය ලබ්බේ රස්සාව නිසයි මාම්ට හාට් ඇටෑක් එකක් ආවේ කියන මතේ මගේ ඇගේ ලේ කකාරගෙන වගේ ඉස්මතු වෙලා මට දැනෙනකොට මට මරාගෙන මැරෙන්න තරන් කේන්තියක් ආවත් මිනාගි මිස්ව දැක්කම මට ඒ කේන්තිය නැති වෙලා ගියා
"අ.ක්ක්....කා "
"ඔව් මම අක්කා කියලා හිතන්නකෝ දරුවෝ එව්‍රිතින් ඉස් ඕකේ "
මිනාගි මිස් මාව බදාගෙන ඉන්න එක අතෑරලා දාලා මගේ ජෙල් කරලා උඩට කරලා තිබ්බ කොන්ඩේ අස්සෙන් අත දාලා එයාගේ කෙට්ටු පොඩි ඇගිලි වලින් ඔළුව දිගින් දිගටම අත ගාන්න පටන් ගත්තා
YOU ARE READING
පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿ
Ikke Fiktionආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්‍ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුලුවන්නේ ? -රොනාල් රසන්ය- ආදරය ...
22- පළිඟු දිඟහැරුම ♡
Start from the beginning