11

47 20 0
                                    


කන්නාඩි කොටස විසි කරපු වල් ගොඩ උඩටම අපි දෙන්නා පස්ස තැලෙන්නම වැටුනා .

මන් දන්නේ නෑ තව කොයි තරම් වෙලා යාවිද කියලා ඒත් මායි ටේයි පුලුවන් ඉක්මනින් පාර දිගේ ගියා

" ටේ ඔයා හිතන්නේ අර අනිත් දොරටු මොනා වෙන්න අඇත්ද " මන් අඇහුවේ කුතුහලෙම්

" නිල් , රතු දෙක අනාගතේ සහ අතීතය වියා  . අනික් ඒවා දන්නේ නෑ" එයා එහෙම  කොයන ගමන් ඉස්සරහ බලාගත්තා

"ශිට් . අතීතෙට ගිහින් දේවල් වෙනස් කරන්න තිබ්බ නම්ම්... " මන් අඇත්තටම එහෙම හිතුවා . මොකද අතීතෙට ගියා නම් මීට වඩා බුද්දිමත් ප්ලෑන් එකක් එක්ක ටේව බේරගන්න තිබ්බ නේ

" ඔයාට අතීතේ බලන්න පුලුවන් .. ඒත් අනාගතේ තවම ලියවිලා නෑ . අතීතේ දෙයක් ඔයා වෙනස් කරන්න ගියොත් ඔයාව මේ ලෝකෙන්ම අමතක උන කෙනෙක් වෙනවා " එයා එහෙම කිව්වා

" අඇයි අනේ ඕන තරම් ෆිල්ම් වල තියෙන්නේ අතීතේ වෙනස් කරන ඒවා " ගොබ්බ මම අඇහුවා ඉතින්

" ඒ අතීතේ නෙවේ . ඒක හරියට මේ වගේ . අපේ අතීතේ විච්ච දේවල් සේරම තවත් universe එක්ක වර්තමානයේ  සිද්ද වෙනවා . ඉතින් ඒක වෙනස් කරාට අපි ඉන්න universe  එකේ අතීතය වෙනස් වෙන්නේ නෑ  .

හිතන්න්කෝ වියා හැමදේම ඒ වගේම වෙද්දි කවුද හිතන්නේ එයාලා ඉන්නේ වැරදි universe  එක්ක කියලා . ඉතින් නොදැනුවත්වම එයාලා වෙනම universe එක්ක හිර වෙනවා .

අනාගතේට යන එකත් ඔය විදිහමයි. "

ටේ එයාගේ දීර්ග දේශනය දීලා මන් දිහා බැලුවා . ඔව් එයාට ඔඒනවා අඇති මට මෙලෝ දෙයක් තේරුනේ නෑ කියලා

" මල මගුලයි . ඔයා මගේ ෆැන්ටසි එකින් එක බිදිනවා ටේ . ශික් " මන් කිව්වේ බොරු කදුලු පිහිදන ගමන් . මෝඩ කම වහගන්නත් එපැයි

"වියා අර " ටේ හරි සතුටෙන් මට පෙන්නුවේ පොඩි නගරයක් . පොඩි නෑ ඒක හරි දියුනුයි . ඉතින් හුස්ම ගන්න එකත් අමතක කරලා අපි දෙන්නා දිව්වා  ඒ නගරෙට

" එතනින් එහාට මොකද කරන්නේ ටේ "

" කෝල් එකක් .. කෝල් එකක් ගන්න ඕනේ " ටේ එහෙම කියන ගමන් පබ්ලික් ෆෝන්ස් තියෙන තැනකින් කාටදෝ කෝල් කරා . මෙහේ ඒවා ෆ්‍රීද අනේ ?

Dimensional Glimpses | KTH Where stories live. Discover now