• නම වන දිගහැරුම •

Start from the beginning
                                    

මන්දාරමිත් පවා යුගාන් එක්ක හරි ඉක්මනින් එකතු වෙන්න ඒකත් ලොකු හේතුවක් වෙන්න ඇතී . යුගාන් හස්නගේ බෑග් ටිකත් අර ගෙන අනිත් අතින් හස්නගේ අතින් අල්ල ගත්තා . කෙල්ලව හරි පරිස්සමෙන් කාර් එක ගාවට එක්කන් ආපු යුගාන් බෑග්ස් ටික ඩිකී එකෙන් දාලා හස්නට කාර් එකේ දොර ඇරලා වාඩි වෙන්න දුන්නා . ස්ටේෂන් එක ගාවින් යන එන කොල්ලො හැරි හැරී හස්නා දිහා බැලුවේ කෙල්ල ඒ තරම් ලස්සන නිසා . 

හස්නා ගමේ හැදුනු කෙල්ලෙක් උනත් හස්නා කවදාවත්ම ගමේ විදිහට ඉදලා නැහැ . කෙල්ල ගවුම් සායවල් අදින්න කැමති නැති තරම් . කොටින්ම කෙල්ල ගමේ ජීවත් උනේ කොළඹ කෙනෙක් වගේ . ඉතිම් කොළඹ පරිසයට අමුතුවෙන්ම හුරු වෙන්න ඕනේ කියලා දෙයක් නම් හස්නට තිබුනේ නැහැ . හස්නා කාර් එකෙන් වාඩි උනාට පස්සේ යුගාන් කාර් එක නගින්නේ නැතුව හස්නාගේ සයිඩ් එකේ තිබුනු ශටර් එකට තට්ටු කරද්දි කෙල්ල ශටර් එක පහත් කලා .

" බඩගිනී නම් කියනවා මෙතන තියෙන කඩෙන් මොනවා හරි අරන් දෙන්න "

" අපෝ කන්න නම් බැහැ අයියේ බොන්න මොනවා හරි අරන් දෙනවද ? "

" හ්ම් මොනවද බොන්න ඕනේ ?? "

" පෙප්සි එකක් "

හස්නට බඩගින්නක් නොතිබුනු නිසාම බීම එකෙක් යුගාන්ට ගේන්න කියලා කිව්වා . හස්නව කාර් එකේම තියලා එහා පැත්තට පාර පැනපු යුගාන් එතන තිබුනු පොඩි කඩේකින් හස්නට බොන්න පෙප්සි බෝතලයක් ගත්තා . ඔය කිව්වත් හස්නා බූන්දි පෙරේතයා කියලා යුගාන් දන්න නිසා ඒ කඩෙන්ම හස්නට යුගාන් බූන්දි බෑග් එකක් ගත්තා . ආයෙම පාර මාරු උනු යුගාන් කාර් එකට නැගලා පෙප්සි බෝතලයත් එක්කම හස්නට අතට බූන්දි බෑග් එකත් දුන්නා . බූන්දී දැකපු පාර නම් කෙල්ලට මල් හතයි මොකද හස්නා හිතුවේ නැහැ යුගාන් තමන්ට බූන්දි ගන්න ඇතී කියලා .

" අනෙ අයියේ තමුසෙට මං ආදරෙයි හලෝ !! "

" අපෝ කන්න බොන්න අරන් දෙන කොට විතරනේ උබට අයියට ආදරේ කරන්න මතක් වෙන්නේ !! "

යුගාන් කියපු දේට හස්නා නම් කලේ යුගාන්ට ඇද කරපු එක . ඒ වගේ වෙලාවල් වලට හරි නංගිට අයියට ආදරේ කරන්න හරි මතක් වෙන එකත් ලොකු දෙයක්නේ . යුගාන් කාර් එක ස්ටාර් කරලා ගෙදරට ඩ්‍රයිව් කරන්න ගද්දි හස්නා යුගාන් ගෙනල්ලා දීපු බූන්දි බෑග් එකටයි පෙප්සි බෝතලේටයි වැඩේ දෙන්න ගත්තා . කෙල්ල කොහොමත් බඩ කට පිරෙන දේවල් නම් කන්නේ නැහැ කඩචෝරු කන්න තියෙනවා නම් හස්නට ඒ තරම් දෙයක් නැහැ . පෙප්සි බෝතලේ බාගයක් ඉතුරු කරපු හස්නා ඒක කාර් එක ඩ්‍රයිව් කරන යුගාන් දිහාවට දික් කලා .

සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 Where stories live. Discover now