• අට වන දිගහැරුම •

Start from the beginning
                                    

" තීනු බබාට වැරදිලා මම මෙච්චර වෙලා බලන් හිටියේ තමුසෙගේ බිබික්කම දිහා "

යුගාන් එහෙම කියද්දි තීනු පට ගාලා තමන්ගේ අත් දෙකෙන් අදාල ස්ථානය වහ ගත්තා . තීනුට නම් යුගාන් එක්ක තරහයි . තමන්ගේ බිබික්කම තීනු පොඩි කාලේ අම්මට ඇරෙන්න වෙන කාටවත් පෙන්නලා තිබුනේ නැහැ එහෙම එකේ කලිසම අස්සේ තියෙන බිබික්කම දිහා ඇඹලයා වගේ යුගාන් බලන් ඉද්දි ඇද උඩ තිබුනේ කොට්ටේ අරන් තීනු යුගාන්ට හොද ශොට් එකක් දුන්නේ තීනු ගහපු පාරට යුගාන් ඇද උඩටම වැටෙද්දි .

" අර්හ් මොකද .. ඕයි.. ගහන්නේ .. ?? "

" මගේ බිබික්කම දිහා තෝ බැලුවේ මොකද කතා කරපන් අමනයා !! "

ඇදට වැටුනු යුගාන්ගේ ඇග උඩට පැනලා තීනු කොට්ටෙන් යුගාන් ගේ මූණට ගහන්න ගත්තා . තීනු එක දිගටම යුගාන්ට ගහ ගෙන ගහ ගෙන යන්න ගත්තු නිසා යුගාන් නම් හිටියේ හුස්ම හිර වෙන්න ඔන්න මෙන්න . ඒත් නිශ්ක්‍රීය වෙලා තිබුනු බිම් බෝම්බයක් සක්‍රීය කර ගත්තේ යුගාන්මනේ . යුගාන් කොච්චර සුනඛ කතා කිව්වත් තීනුට ඉවසන්නම බැරි යුගාන් වල් සරා වගේ වල්කම ප්‍රදර්ශනේ කරන එක .

ආයෙම යුගාන්ගේ මූණට හොද ශොට් එකක් දෙන්න තීනු කොට්ටේ උස්සලා ගද්දි  යුගාන් තීනුගේ අත් දෙකෙන්ම අල්ලලා තීනුව හිර කර ගත්තා . එහෙන්මම තීනුගේ අතේ තිබුනු කොට්ටෙත් උදුරලා අරන් පැත්තකට විසික් කරපු යුගාන් අනිත් පැත්තට තීනුව පෙරල ගත්තා . තීනුගේ මූණ නම් තරහින් රතු වෙලා තිබුනත් තීනුගෙන් හොද හැටි කොට්ට පාරවල් කාලා හිටපු යුගාන් නම් හිටියේ පිස්සෙක් වගේ .

" මොකද ඕයි හැම ලබ්බකටම ගහන්නේ "

" තෝ අනවසරයෙන් පෞද්ගලික දේපලක් දිහා බලන් හිටියා !! "

" අනේ තොගෙ බිබික්කම හරි ලොකු එකනේ  "

" මගේ බිබික්කම මට ලොකුයි තමා මිනිහෝ !! "

තීනු යුගාන්ගේ මූණට කෑ ගහද්දි යුගාන්ගේ මූණම නිකන් ඇඹරිලා වගේ ගියේ තීනුගේ කටේ සද්දෙට තමන්ගේ කන් බෙරේ පිපිරුනා වගේ ෆීලින්ග් එකක් ආපු නිසා . යුගාන් තමන්ගේ ගෙදරටම ඇවිල්ලා තමන්ගේ බිබික්කම දිහා බැලුව එකට තීනුට තරහ ගියත් තීනු යුගාන්ගේ ගෙදරටම ගිහින් යුගාන්ට සද්දේ දාපු හැටි නම් තීනුට අමතක වෙලා තිබුනා . තීනු ගහපු හැටියට යුගාන් නම් මේ වෙලාවේ හිටියේ තීනුගේ බිබික්කම ගලව ගෙන උස්සන් යන සයිස් එකෙන් .

සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 Where stories live. Discover now