• හත් වන දිගහැරුම •

Start from the beginning
                                    

" හරිම ශෝක් ඉලන්දාරි කොල්ලෝ නැගිටින වෙලාව නම් "

යුගාන්ගේ අම්මා යුගාන්ට බනින කොට යුගාන් හිනා වෙලා අම්මගේ මූණට උම්මියක් දුන්නා .

" අද ලෙක්චස් නෑනේ අම්මේ ඒකනේ පරක්කු වෙලා නැගිට්ටේ "

" අහ් ඔව්නේ ඒක නෙමේ පුතා ඔයාලගේ මැගී ආන්ටිගේ දුව හස්නා කැම්පස් සිලෙක්ට් වෙලාලු "

" ඈහ් අර ගොන් ගහ කැම්පස් සෙලෙක්ට් වෙලා ?? "

යුගාන් නිකන් පුදුම වෙලා වගේ අහද්දි යුගාන්ගේ අම්මා නම් යුගාන්ගේ අතට පාරක් ගැහුවා .

" නංගිට ඔහොමද කතා කරන්නේ පුතා "

" හරි හරි ඕකිට ඔහොම තමා කතා කරන්න ඕනේ "

" හරි ඉතිම් අහන්නකෝ පුතා ඉතිම් හස්නා දුව ඔයාලගේ කැම්පස් එකටලු එන්න ඉන්නේ ඉතිම් කෙල්ලට ගෙදර ඉදන් එන්න දුර නිසා මෙහෙ නතර වෙන්න එනවා කිව්වා "

අම්මා කියපු කතාවට නම් යුගාන්ට තේකත් හිර උනා .

" අපෝ මල වදයක්නේ අම්මේ ඕකිගෙන් තියෙන්නේ "

" ඒ කෙල්ල කොහෙද පුතා වද දෙන්නේ ?? ඔයානේ ඒ කෙල්ල ආවත් කෙල්ලට වද දෙන්නේ .. මට මතකයි එක පාරක් රෙස්ලින් ගැටයක් දාන්න ගිහින් කෙල්ලගේ අතක් කැඩුවා "

අතීතයේ සිදු උනු යම් කිසි දේවල් යුගාන්ගේ අම්මා යුගාන්ට මතක් කරලා දෙද්දි යුගාන් හෙන ගොන් හිනාවක් දැම්මා . හස්නා සේපාලි කියන්නේ යුගාන්ගේ තාත්තගේ අක්කගේ දුවට . යුගාන් නම් හස්නට වඩා වැඩිමල් උනු නිසා යුගාන්ගේ වැඩේ හස්නා ආවම හස්නට වද දෙන එක . යුගාන්ට නංගියෙක් වත් මොකෙක් වත් නැති නිසා කොච්චර රණ්ඩු උනත් යුගාන් නම් හස්නට හිටියේ පණ ඇරලා .

හස්නා තාමත් තනිකඩයෙක් විදිහට මේ ලෝක බෝලය ඇතුලේ ජීවත් වෙන්න යුගානුත් එක හේතුවක් උනා . මොකද අයියා පට්ටම ඔලුවට අර ගත්තම යුගාන්ගේ වැඩේ හස්නගේ ලව් කුට්ටක් සේරම ශක බුම් කරලා දාන එක . හස්නගේ ප්‍රේම සබදතා නැති කරලා යුගාන් වෙනම ආතල් එකක් ගත්තා . ඒත් ඒ කරපු සුනඛ වැඩ නිසාමද දන්නේ නැහැ තීනුව සෙට් කර ගන්න යුගාන්ට දත කන්න උනෙත් .

සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 Where stories live. Discover now