"Guys I'm going to check your numbers.. මේ නම් කියන අය අත උස්සලා ඉස්සරහට එන්න.."

" Number 12 S.E.X. KUMARASIRI"
"Number  13P.K.D.KIRIGUNASUME.."
"Number  11 C.I.D.KAROWELIYAS.."
"Number  10W.K.S.A.K.MANAMEKALA.."
"Number  9 D.I.C.K.IDDAMALGODE
.
.
"The last one
Number  2  S.T.M.A.MADANA YAKA"

"Hey guys who is this madana yaka.."

මැච් එක බලන්න පිටින් ආපු මිස් නම් ටික ගානට කියන් යද්දි අදාල එකා අත ඉස්සුවා..අන්තිම නම කියාගෙන ගියා විතරයි වටේ උන් ඔක්කොම හිනාවෙද්දි තමාලගෙ මූන බලන් ඉද්දි  නාටුවෙලා ගියා..අඩෝ මදන යකා

"No miss its not madana yaka...it's me madanayaka.."

"oh sorry son..මන් හිතන්නෙ මේක ලිව්ව කෙනා ටිකක් දුරින් එ කෑල්ල ලියල තින්නෙ.."

තමාල් ලමයි අස්සෙන් මිස් ගාවට ගිහින් වැරදි නිවැරදි කරද්දි බලන් ඉන්න ඔක්කොටම හිනා..යොහ් මගෙ සූකිරියා අඩෝ හිතලා හිනාවුන්නැ බන්..අම්මො රවාගෙන ඉන්න මූනත් පුප කරන්...වෙලාවට මට අගට වාසගමක්
ආවෙ නැත්තේ..මිස් කිව්වාම තමයි මතක් වුනේ..ඔය නම් ලිස්ට් එක ලිව්වෙත් වෙන කවුරුත් නෙමෙ මමයි කියලා..සමාවෙන්නොනේ රත්තරනේ වරදක් කලත් සිතකින් නොවේ..

නප්පෙටම තද වෙච්චි තමාලයා මගේ දිහාවට කඩාගෙන ඇවිත්..

"තෝ නේද සෙක්කියෝ අර නම් ලිව්වෙ ආ..මන් ලග ඉදියා..අඩො බලපම් බන් චාටරේනෙ ඕයි..ආරාදිත පාසලුත් ඉදියා බන් ශික්..වෙලාවට ඔයි මෙතන වුනේ.. හැමොම ඉස්සරහා සහතික දෙන්න කතාකරද්දි ඕක වුනානම් මන් අද රටටම විහිලුවක්.."

"අඩෝ ඒක හිතලා ලිව්වෙ නැ බන්..එක සිහියකින් නෙමෙනෙ බන් ඒක ලිව්වෙත්..ගනන් ගන්නෙපා දැන් රේස් එකට යමන්.."

අපේ හවුස් එකෙන් ස්ටාර්ට් එක ගත්තේ විශාලයා..උගෙන් පස්සෙ රවීන්..උ ඇවිල්ලා ගිම්නට දුන්නම අන්තිමට දුවන්න ඉන්නෙ මම..තමාලයා උන්ගේ හවුස් එකෙන් අන්තිමේට මාත් එක්කම දුවන්න බලාගෙන ඉන්නෙ..
මුලින්ම ආපු විශාලයා රවීන්ට බටන් පොල්ල දුන්නා..ම්හුක් පොලු හැමතැනම පොලුමයි පේන්නෙ..දැනට ඉරිදියෙන් අපේ හවුස් එකේ උන් දුවද්දි ගිම්නයා දුන්න බටන් එක අරන් අනිත් තුන් දෙන්නාට කලියෙන් මන් දුවන්ගියා..තමාලයත් හිමීට දුවන් ඇවිල්ලා රවුමේ අවසානෙ වෙද්දි මන් එක්ක කරට කර දුවාගෙන ආවා..උටයි  මටයි හරි හැපි හැබැයි..හොදම යාලුවා එක්ක කරට කර දුවද්දි වෙනම ආතල් එකක් තියෙන්නේ..මන් ටිකක් ඉස්සර වෙද්දි ඌ එනවා..ඌ ටිකක් ඉස්සර වෙද්දි මන් යනවා..කොහොම හරි දිනුම් කනුව ලංවෙද්දිම වගේ තමාලයට වඩා දශමෙකට කලියෙන් තරගේ ඉවර කරගන්න මට පුලුවන් වුනා..

දෑගිලි ✔( complete )✨On viuen les histories. Descobreix ara