- ලැජ්ජාවේ බෑ... -

Zacznij od początku
                                    

"ඉතින් මන් කොහොමද හිත හදාගෙන දාලා යන්නෙ."

"මොනමගුලක්ද කියවන්නෙ?"
"මොකක්ද වුනේ මේ ඇයි මේ තුවාල?"

"දන්නවද සුදූ ඔයා තමයි ආයෙ මාව ගෙන්න ගත්තෙ මෙහෙම."

"තාරුන්‍යා .. "

මේ මනුස්සයට පිස්සුද කිසි තේරුමක් නැති කතා ටිකක් කියවනවා අහන දේට උත්තර නොදී.තරහ යනවනෙ ඉතින්.
ඒ අස්සෙ කොන්ඩෙත් වැවිලා තාරුගෙ මාස තුනකට කලින් මන් දකිද්දි හිටියෙ කොටටම කොන්ඩෙ කපලානෙ.දැන් බෙල්ලෙන් පහලට ටිකක් වැවිලද කොහෙද කොන්ඩෙ ඔක්කොම අල්ලලා බූලක් දාගෙන හිටියෙ.කොන්ඩෙ කෑලිත් පැනලා තැනින් තැන මට පේන්නෙම මූව දැන් රස්තියාදුකාරයෙක් වගේ.

"මොකද ඔය කොන්ඩෙ?"
"නම්බර් වන් රස්තියාදුකාරයා වගේ."

"ඉතින් හොදයි නෙ."
"මන් හිතුවෙ අවුල් කියලා."

"අනේ රෙද්ද ."
"තාරුන්‍යා ඇත්ත කියන්න මට මොකක්ද වුනේ?"

"මට හරි මහන්සි සුදූ."

"ආ හරි එන්නකො ඉදගන්න."

මන් ගිහින් ඇදෙන් ඉදගත්තම තාරුන්‍යා කිසි කතාවක් නැතුව මගෙ උකුලෙන් ඔලුව තියාගෙන මගෙ මූණ දිහා බලන් හිටියෙ ඇත්තටම ලොකු දුකකින්.

"මගෙ ඔලුව රිදෙනවා."

"ආහ් ඉන්න මන් ඔයාගෙ ඔලුව අතගාන්නම් එතකොට අඩුවෙයි."

"හ්ම්ම්.."

තාරුන්‍යා හොදට ඇස් දෙකත් පියාගෙන මගෙ උකුලෙ ඔලුව තියන් ඉද්දී අහන්න ප්‍රශ්න දාහක් තිබිලත් එකක් වත් අහගන්නබැරුව මන් හිටියෙ එකසියගානට නියපොතුටික හපන ගමන්.

"තාරු..."

"ම්ම්ම්.."

"ඔයා මෙහේ ආවා කියලා ගෙදර අය දන්නවද?"

"නැහැ."

"එතකොට එයාලා.."

"එයාලා දැනගත්තත් මට වැඩක් නෑ මට ඕනි නිසා මන් ආවා තමුසෙ කටවහන් මගෙ ඔලුව අතගානවා."

ආ හරි සෝක්. යකෝ මන් මේ වේලි වේලි ඉදලා පොඩ්ඩක් ප්‍රශ්නයක් ඇහුවම තමා මූටත් යකා නගින්නෙ මේක හරි මගුලක් වුනානෙ.

"එහෙම බෑ ඊටපස්සෙ අර ඔයාගෙ සීයා මෙහෙට හොයන් ආවොත් එහෙම මාව අතුරුදන් කරලම දායි."

συɾ ʂƚσɾყ ♥️🌼||GL|| ᵒⁿᵍᵒⁱⁿᵍ Opowieści tętniące życiem. Odkryj je teraz