[ 47th tale ]

1.1K 172 42
                                    

ජන්ග්කුක් කාමරේ උඩ බැල්කනි එකට වෙලා කැලෑවෙන් ගෙදරට වැටෙන පාර දිහා බලන් හිටියේ ටේහියුන්ග් එනකන්...
දැන් වෙලාව 4.30 ට කිට්ටුයි...වෙනදානම් ටේහියුන්ග් ගෙදර එද්දී රෑ අට විතර වුනත් අද එයා වේලාසන එන්නේ ඒ දෙන්නට විශේෂ ගමනක් යන්න තියෙන නිසා...

අද ජිමින්ගෙයි යුන්ගිගෙයි engagement එක...

ටේකුක් දෙන්නා මැරි කරලා මේ වෙද්දි මාස 6 ක් ගෙවිලා ගිහින් තියෙද්දි ඒ මාස හය පුරාවටම ඒ දෙන්නගේ ආදරේ නම් චූටිම වෙනසක් වත් වුනේ නැහැ ...

මෙච්චර වෙලා පාරට යොමු වෙලා තිබුන ජන්ග්කුක්ගේ බෝල ඇස් හිනී වෙලා දිලිසෙන්න ගත්තේ පාරෙන් ගේට් එක ඇතුලට දාපු ටේහියුන්ග්ගේ කාර් එක නිසා...

කියව කියව හිටිය පොතත් පැත්තකට විසික් කරලා පඩිපෙල දිගේ පඩි පැන පැන පහලට දිව්ව ජන්ග්කුක් අන්තිමට නැවතුනේ දොර ඇරන් ඇතුලට ආපු ටේහියුන්ග්ගේ තුරුලේ...

"මැණික..."

ජන්ග්කුක්ව අත් අතරට වඩා ගත්ත ටේහියුන්ග් ජන්ග්කුක්ට ආදරෙන් කතා කලේ ජන්ග්කුක්ගේ මූනට වැටිලා තිබුන කෙස් රොදවල් කන පෙත්ත පිටිපස්සෙ හංගලා...

"උහුම් ඔයා පරක්කුයි හියුන්ගි...අපි යන්නේ නැද්ද අනී !"

ජන්ග්කුක් කිව්වේ තොලුත් උල් කරන් මොකද ඉතින් එයා මේ බලන් ඉන්නේ දැන් පැය ගාණක් තිස්සේ...

"අම්බෝ යමු යමු ඉතින් ! කොහෙද ඉතින් මේ කොල්ලා තාම ලෑස්ති වෙලත් නෑ...මාව කන්න හදනවා යං යං ගගා"

"කවුද අනේ කන්න හැදුවේ දැන් !
බස්සනවා මාව !!!"

ටේහියුන්ග්ගේ අත් අස්සෙ ඉදන්ම ජන්ග්කුක් දගල දගල කෑ ගැහුවේ කේන්ති අරන්...
දගලන දැගලිල්ලට ටේහියුන්ග් බැලන්ස්නුත් නෑ.

"හරි හරි බබෝ !! මොකද අප්පා මේ ඩෝන් ගිහින්"

ටේහියුන්ග් ජන්ග්කුක්ගේ නහය එක්ක නහය අතුල්ල අතුල්ල හුරතල් කරන්න හැදුවත් ජන්ග්කුක් හිටියේ මල පැනලා

"ඩෝන් තමා ! බලන්න වෙලාව.පහ හමාරටත් කිට්ටුයි.ඒක හයට පටන් ගන්නවා !
ඔයා දැන් ඇවිල්ලා වැඩක් තියෙනවද ආ !!!
හුරතල් කරන්න තියෙන ඔක්කොම ගෑනුන්ව හුරතල් කරලා ගෙදර එනවා රෑ ජාමෙට !
ඒ ඇවිල්ලත් බබා බබා ගාන් මගේ ඇගේ එල්ලෙනවා.ඊටපස්සේ සතියක් යනකන් මට කොන්ද පනත් නෑ.ඇවිද ගන්නත් බෑ!!! පස්සේ මට ඔෆිස් යන්නත් බැරි වෙනවා...ඔයාට හරි හොද ඇති නේද ඒක ! හහ් !!! නෑ නෑ ඔහොම හිටපන්කෝ මං ඇවිල්ලා ඔය හැම ගෑනියෙක්වම අල්ලගන්න.බලනවකෝ කරන දේ ..ගිනි තියනවා අර උන්ගේ නූඩ්ලස් කොණ්ඩ !!!!!!!!"

˖⁠♡ MY HYUNGIE SIR ˖⁠♡ | Sinhala | Taekook Where stories live. Discover now