• පස් වන දිගහැරුම •

Start from the beginning
                                    

" තීර්ථ ඔය අතේ තියෙන බියර් එකත් අරන් පොඩ්ඩක් එහාට පලයන් මට තීනු එක්ක ටිකක් කතා කරන්න ඕනේ "

" හරි යන්නම් හැබැයි මට ගල් අරක්කු බෝතලයක් ගන්න බැරි වෙයිද "

" පූල් එක ගාව සිතිජ ඉන්නවා ඌ ගාව බඩු ඇති උබ ගිහින් බලපන්කෝ "

" හම්මට එහෙනම් බොසා මම කැපුනා "

තීර්ථට ඕනේ කරන ඒවා සිතිජ ගාව තියෙනවා කියලා කියනවත් එක්ක තීර්ථ තමන් වාඩි වෙලා හිටපු තැනින් නැගිට්ටේ අතේ තිබුනු බියර් ටින් එකත් එක්කමයි . තීර්ථ පූල් එක ගාවට යන්න හදද්දී තීනු තමන්ගේ ඇස් වලින් තීර්ථට යන්න එපා කිව්වොත් යාලුවට වඩා ගල් අරක්කු බෝතලේ ලොකු උනු තීර්ථ තීනුටත් පොඩි සැලුට් එකකුත් ගහන ගමන් එතනින් පිට උනා .

" තීර්ථ !!! "

තීනු තමන් ඉන්න තැනම ඉදලා හයියෙන් තීර්ථගේ නම කියලා කෑ ගැහුවත් වටෙන්ම ඇහෙන ඩිස්කෝ සංගීතයට තීනු කතා කරන වගක් නම් තීර්ථට ඇහුනේ නැහැ . තීනු ගාවින්ම වාඩි උනු යුගාන් තීනුගේ කරට අතක් දාද්දි තීනු යුගාන්ගේ අත ගසලා දාන ගමන් යුගාන්ට හැටට හැටේ රවන්න ගත්තා . කොහොමත් තීනු රවනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න දැනන් හිටියෙත් නැහැ .

" මොකද තීනු බබා ඔයා තරහින් වගේ ඉන්නේ "

" සිරාවටම අහන්නේ තමුසෙට ලැජ්ජාවක් නැද්ද ඕයි "

තීනු තමන්ගේ ඇස් රෝල් කරමින් යුගාන් ගෙන් අහද්දි යුගාන් කකුලක් පිට කකුලක් පටවල ගන්න අතරෙම හිනා උනා .

" මට ලැජ්ජාවක් තියෙනවා නම් තමුසෙ මට කැමති නැහැ කියලා දැන දැනත් මෙහෙම පස්සෙන් එනවද කියනවකෝ "

" ඒකත් ඇත්ත හැබැයි !! ඉතිම් මම තමුසෙට කැමති නැහැ කියලා දන්නවා නම් වෙන එකෙක්ව ටෝක් කර ගන්නවකෝ මට වද දෙන්නේ නැතුව "

" රාජ කුමාරයෝ දාහක් හිටියත් වැඩක් නැහැ තීනු බබා මම කැමති පොල් කාවයියා නැතුව "

යුගාන් තීනුගේ රෝස පාට නහයට තට්ටුවක් දාන ගමන් කිව්වේ හිනා වෙන ගමන් . හැබැයි යුගාන් කියපු එකට නම් තීනුට තරහ ගියා . තමන්ගේ මූණත් කුණ්ඩ හට්ටිය කර ගත්තු තීනු යුගාන්ගේ දිහාවට අලු කරන බැල්මක් හෙලන ගමන් යුගාන්ගේ ශර්ට් එකේ කොලර් එකෙන් අල්ල ගත්තා .

සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 Where stories live. Discover now