නෙලුම් අකේන්‍ය උගුරු දෙකක් බී බිම තබන්නට ගිය වතුර බෝතලය අතට ගත්තේය.
පාසල ඇරෙන්නට වැදුණු සීනුවත්... ගාථා පෙළත්.. කුලප්පු මී ගොන් රෑන සේ කඩාබිඳගෙන පාසලේ ගේට්ටුව වෙත ද වැටවල් කඩා සාදාගත් අතුරු පාරවල් වෙතද දුවන ළමුන්ගේ ඝෝෂාව ත් නික්ම ගිය පසු පාසලේ එක්වරම සොහොන් පිටියක නිහැඩියාව ද නිස්කලංක බවද අරක් ගත්තේය. නිහඩ වූ පාසල හිතට අමුතුම හැඟීමක් ගෙනාවේය. කොල්ලන් කෙල්ලන්ගේ අඩිවලින්ම මට්ටම් වූ දූලි පාරවල් ද පිට්ටනි ද.. කොල්ලන් කෙල්ලන්ටම ආසන සේ උඩට පෑදී සිටි වෘක්ෂ මූලයන් ද එක්තරා කලාවක් විය. වසත් ඒ කලාවට ආදරය කළේය.
" කවුද අකේන්‍ය තමුසෙට ගැහුවෙ? "
අකේන්‍ය මායාන් දෙස බැලුවේය. සියල්ලන්ගේ රැවීම් ඉදිරියේ අසරණ වූ ඔහු වික්ශිප්තව වසත් දෙස ද අකේන්‍ය දෙසද බැලුවේය. " මං- "
" මායාන් නෙවේ.. "
" එහෙනම් කවුද? "
තොල සපාගත් අකේන්‍ය නෙලුම්ගේ උරහිසට බර විය. අසරණ ලෙස රත් පැහැයට හැරි කම්මුල මත කදුලු අලුත් විය. " මං පො න්න යෙක් නෙවෙයි නෙලුම්.. මං උබට ආදරෙයි තමයි.. ඒත් නෙලුම් මට මගෙ සහෝදරයෙක් මිසක් මේක වෙන විදියක ආදරයක් නෙවෙයි.. "
නෙලුම් නැගිට්ටේ වේගවත් ලෙස හුස්ම ගනිමිනි. තව පැහැදිලිකිරීම් අවශ්‍ය නොවීය. සිදුව ඇති දේ ඔහුට පැහැදිලි ය.
" මොකාද උබ පො න්න යෙක් කිව්වෙ?! "
අකේන්‍ය හිස ඔසවා බැලුවේය. ඔහුට මෙය අවශ්‍ය නොවුණි. නෙලුම්ගේ හිත නොසන්සුන් කරන්නට ඔහුට අවශ්‍ය නොවුණේය.
" ඕකනෙ මං තමුසෙට මොකුත් නොකියා ඉන්නෙ නෙලුම්.. "
" කියපං. උබට පො.#නයා කියන්න?! ඕකගෙ ඇ#ට තලලා ගත්තම මෙතනින් මේක ඉවරයි."
" ඕක හින්දා තමයි කියන්නැත්තෙ. "
" මං හින්දා උබට වචන අහන්න වෙන එක මට දරාගන්න බෑ අකේන්!! "
" එහෙනං මං වෙනුවෙන්වත් උබ කරන අසික්කිත වැඩ නවත්තපං! "