• හතර වන දිගහැරුම •

Start from the beginning
                                    

තීනූ තමන්ගේ මූණත් හකුල ගෙන අම්මගෙන් ඈත් වෙලා ප්‍රැන්ටි එකට හේත්තු උනා . අම්මා නම් තීනුව සතේකට ගනන් නොගෙන හදා ගත්තු ඉදි ආප්ප පිටි එක ඉදි අප්ප වංගෙඩියට දාලා මිරිකන්න ගත්තා . තීනු තමන්ගේ යටි තොලත් හපා ගෙන කල්පනා කලේ කොහොමද දැන් අම්මට මේ ගැන කියන්නේ කියලා . යුගාන්ගේ බර්ත්ඩේ එකට නොයා ඒකට අහු වෙනවට වඩා අම්මගෙන් කුනු බැනුම් සේරම හරි අහගෙන බර්ත්ඩේ පාර්ටි එකට යන එක හොදයි කියලා තීනු හිතුවා .

" දැන් මොකද කියනවා හොර පූසා වගේ කුස්සියට ආවේ "

" අහ් මේකයි හැබැයි ඔන්න බනින්න බැහැ "

" බනින්නේ නෑමයි කියලා මම පොරොන්දු වෙන්නේ නැහැ හැබැයි පුතෝ මොකක් හරි නොහොබිනා වැඩක් කරලා තිබුනොත් ඇහේ ඉදන් පට්ට ගහන්නේ මම "

අම්මා තීනුට ඇගිල්ලත් දික් කර කර බනිද්දි තීනුට ඕනේ පකක් වෙච්චාවේ කියලා බර්ත්ඩේ පාර්ටි එකට නොයා ගෙදර ඉන්න හිතුනා . ඒත් තීනුට එහෙම කරන්න බැහැ මොකද අද හවස හයට යුගාන් ගේ ගාවට තීනුව එක්කන් යන්න එනවා කිව්ව නිසාම අම්මව කොහොම හරි කැමති කරව ගන්න තීනුට සිද්ද උනා . ඒක නිසාම තීනු හෙන අහිංසක මූණක් දාලා අම්මා ඉස්සරහා තොත්ත බබා තීනු වර්ෂන් රගපාන්න ගත්තා .

" අම්මේ ඔයා දන්නවා නේද අපේ කැම්පස් එකේ ඉන්න යුගාන්ව "

" ම්ම්හ් අර ඇමතිකාරයගේ පුතානේ "

" ඔව් එයා තමා ඉතිම් මේ එයාගේ බර්ත්ඩේ එක අද එයා මට ඊයේ බර්ත්ඩේ පාර්ටි එකට එන්න කියලා ඉන්වයිට් කලා ඉතිම් මම යන්නද "

" නෑ නෑ උබ කොහෙවත් යන්නේ නැහැ ඔය ඇමති පුත්තු එක්ක වැඩි ආසරේට යන්න එපා කියලා මම උබට මීට කලින් කියලා තියෙනවනේ .. ගෙදරින් එලියට එක අඩියක් හරි තිබ්බොත් අඩු කඩනවා මම !! ආයේ ඉතිම් මම නොකිව්වයි කියන්න එපා !! "

" අනේ අම්මේ !!! "

තීනු අඩි හප්ප හප්ප කෑ ගැහුවත් තීනුගේ අම්මා නෙමේ තීනුව සතේකට වත් ගනන් ගත්තේ . තීනුගේ අම්මා කොහොමත් ඔය ඇමතිකාරයොන්ට කැමති කෙනෙක් නෙමේ ඊටත් වඩා යුගාන් ගැන කනට වැටිලා තියෙන නරක දේවලුත් එක්ක තීනුගේ අම්මට ඕනේ උනේ නැහැ තීනුව යුගාන්ගේ බර්ත්ඩේ පාර්ටි එකට යවන්න මොකද තීනුගේ අම්මා හිතුවෙන යුගාන් නිසා තීනු නරක් වෙයි කියලා .

සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 Where stories live. Discover now