• තුන් වන දිගහැරුම •

Start from the beginning
                                    

" මේ උබ මගෙන් මැරුම් කනවා ගස් බල්ලා ඊලග පාර ඔය වගේ විහිලු කරොත් හරිද !! "

" උබ මට අතක් හරි ඉස්සුවොත් මම තීනුට කියනවා ආයේ ඉතිම් උබටමයි හොදේ කෙලවෙන්නේ "

තීර්ථ මහ කුපාඩි හිනාවක් දාලා කියද්දි යුගාන් තීර්ථට රවන ගමන් අහක බලා ගත්තා . තීර්ථ සාමාන්‍යයෙන් පණ්ඩිතකම් කියවන නිසා යුගාන්ට නම් තීර්ථව එච්චර දිරෙව්වේ නැහැ තීර්ථ සමහර වෙලාවට යුගාන්ට හෙන ලොකු සීන් දාගෙන ආවත් යුගාන් ඒ සේරම දේවල් ඉවසන් ඉන්නේ තීනු නිසා මොකද තීර්ථගේ වැඩේ උඩේ යුගාන් තමන්ට බැන්නත් ඒකත් දෙක කරලා තීනුට කියලා යුගාන්ට ගස්සපු එක .

ගුටි කන එක යුගාන්ට ගානක් නොවුනත් තීනුව තරහ කර ගන්න එක නම් යුගාන්ට කර ගන්න ඕනේ වුනේ නැහැ . මොකද දැනට මත් තීනු පොඩ්ඩ ඇත්තම් තමන් එක්ක එල්ලි එල්ලි එද්දි ඕනේ නැති දේවල් කරන්න ගිහින් තියෙන හොදත් නැති කර ගන්න ඕනේ නැති නිසා . යුගාන්ගේ ඇගේ වැදී ගෙනම තීර්ථ තමන්ගේ මේසෙන් බෑග් එක තියලා පුටුවෙන් වාඩි උනේ තමන්ගේ ෆෝන් එකත් අතට අර ගන්න ගමන් .

තීර්ථ දිහා ඇස් හීනි කරලා බලපු යුගාන් තීර්ථගේ කකුලත් පාග ගෙනම ආයෙම සිතිජ හිටපු තැනට ඇවිත් වාඩි උනා . යුගාන්ටත් බැන බැන තීර්ථ තමන්ගේ සපත්තුව අතින්ම පිහිදාද්දි සිතිජගේ නපුරු බැල්මත් තීර්ථ දිහාවට යොමු උනා . සිතිජත් තමන් දිහා බලන් ඉන්නවා කියලා තේරුනු නිසාම තීර්ථ තමන්ගේ තොල් තද කර අහක බලා ගත්තා . ඇත්තටම කිව්වොත් තීර්ථ යුගාන්ටත් වඩා සිතිජට ගොඩක් බය උනා .

" තීනු නිසා ඉවසන්නේ නැත්තම් අරූ මගෙන් මැරුන් කාලා මෙලහටත් "

" උබ කැමති නම් මට පුලුවන් මගේ කොල්ලො සෙට් එක දම්මලා ඌට ගස්සන්න "

" එපා බං අන්තිමේදී තීනුගේ හිත නරක් වෙයි එයා කොහොමත් මට කැමති නෑනේ ඔය මගුල් වලින් වෙන්නේ එයාට තවත් එපා වෙන එක "

" තීනුට හොරෙන් ගහමු අනික පීඨේ කොල්ලෝ ටිකකුත් ඉන්නවා මම අදුරන ගේමක් දෙන්න කතා කලොත් උන් ඕන වෙලාවක එයි "

" අහක යන නයි රෙද්ද අස්සේ දා ගන්න ඕනේ නැහැ බං අනික ගැරඩි පැටව් මරලා පව් පුරව ගන්නේ මොන එහෙකටද ? "

සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 Where stories live. Discover now