07. කොටස

507 52 13
                                    




"එතකොට අයියා කියන්නෙ?..... ඔයා අපෙ තාත්තිගෙ නංගිගේ පුතා කියලාද....."

"ම්ම්ම්.... ඔව්...."

"යෝහ්....... දෙයියනේ මන් මගෙ මස්සිනාවද පරම හතුරා කර ගත්තේ......."

"මොකක්?"

"නැ නැ මුකුත් නැ...... හි හි......"

"නැ නැ කියනවා මොකක්ද එ කිව්වේ........"

"මුකුත් නැ හලෝව්........"

"කියනවද නැද්ද......"

"අව්හ්....... අයියේ අත ඇරපියකෝ...... බෙල්ල.... බෙල්ල යකොව්.... කැඩෙයි......."

ඒ මෙකා මොකාට මගෙ මස්සිනා උනාද මන්දා, ඇහුවම කිව්වේ නැති නිසා, මෙකා මගෙ බෙල්ල වටෙ අත දලා මගෙ ඔලුව එයාගෙ කිහිල්ලට අස්සට හිර කර ගත්තා, යෝහ් මෙකගේ දාඩියත් ගැවෙනවා ඇති ඊක්කා,

"අත ඇරපියකෝ අයියේ....."

"උබ එක මොකක්ද කියලා කිව්වොත්.. මන් උබ අත අරින්නම්....."

"හරි හරි කියන්නම්..... ඉස්සල්ලා මාව අත අරිනවකෝ.... තමුසෙගෙ දාඩියත් මගෙ ඇගෙ ගැවෙනවා ඇති හලෝ..... ඔව්වා විශබීජ...... යෝහ් කොල්ලො මාව අත ඇරපියකෝ......."

" මෙහෙම ඉදන් කියපන්....මන් උබෙ අයියනෙ මට උබට ගහන්න අයිතියක් තියෙනවා... එ නිසා කියපන් මොකද අර කිව්ව එකෙ තෙරුම...."

"අව්වාහ්..... ඔලුවට ගහන්න එපා යකෝ......"

"හරි ගහන්නෙ නැ දැන් කියපන්කෝ........"

"මෙන්න මෙකයි හරිද....... හය වසරෙ ඉදලා තමුසෙ තමා මගෙ පරම හතුරා....."

"ඒ මොන මගුලක් කරාටද මන්......"

"කරෙද...... තමුසෙ මගෙ ලකි බොලේ අරන් ගියා ඔයි......."

"මේ මන්..... ඒ කවද්ද......."

"ඇයි තමුසෙට මතක නැද්ද...... අපි ග්‍රව්න්ඩ් එකෙ බොල ගහන කොට මන් අතින් තමුසෙගෙ පිටෙ බොලේ වැදුනා කියලා.... තමුසෙ මගෙ බොලේ අරන් ගියේ....."

"ආහ් දැන් මතකයි...... එතකොට තමුසෙද ඒ බටු ඇටේ....."

"ඔව් මන් තමයි...... දැන්වත් අත ඇරපියකෝ...."

බුදු අම්මෝ මගෙ බෙල්ල අයියා කියලා දැන ගත්ත මුල මෙහෙමනම් ඉස්සරහට මොනා කරයිද මන්ද, තව ඩිංගෙන් මේ ලගකදි පැන්න උගුරු ඇටෙ ආපහු ඇතුලට යනවා. මෙ කොල්ලා ලොකු ලමයෙක් උනා විතරයි සුටික්කියෝ, තව ඩිංගෙන් මෙකා මාව ආපහු පොඩි එකෙක් කරනවා,

මල් සරා 🌼 (Complete) Where stories live. Discover now