02. කොටස

680 62 11
                                    

SHENUL POV.

"අඩෝ මල් සරා.... උබ මෙතනටත් ආවද බන්..... මෙතනත් කෙල්ලෙක් ලයින් කරන් ඉදලා ඉවරයිනෙ ඉතින් දැන්....."

මොකෙක්ද මන්ද 10 වස්සරේ වගෙ කියන්න පුළුවන් එකෙක් කැ ගහන් යන දිහා මන් හැරිලා බැලුවා, වෙන කවුද ඉතින් මන් කිව්ව මට පෙන්න බැරි වෛරකාරයා තමා, කොල්ලොන්ට අනුව මල් සරා මොකද ස්කොලේ කෙල්ලන්ගෙ ක්‍රශ් එක ඌට කෙල්ලන්ගෙන් කැමැත්ත ඉල්ලලා එන ඉල්ලීම් වැඩි එකයි මුට මේ කොල්ලො මල් සරා කියන්නෙ, අනෙ මල් සරා නෙවෙයි  පු# සරා

"ආන් ඇවිල්ලා...... මොකද දන්නෙ නැ ඌ මෙහෙ බලන් ඉන්නේ....."

"ම්ම්ම්...."

"සිරාවට..... මුගෙ මොනාටද බන් කෙල්ලො කැමති?.... ඔච්චර පස්සෙන් යන්න තරම්....."

"කවුද බන් දන්නෙ...."

මු මොන මගුලටද මන් දිහා බලන් ඉන්නෙ. පොඩි කාලේ මගෙ බොල්‍රෙ ගත්ත දවසෙ ඉදලා මට ඔකව පෙන්න බැ, මල් සරා හහ් මහ ලොකු මල් සරා මුගෙ මොනාට කෙල්ලෝ කැමතිද මන්ද හුම්ම්, නැ ඉතින් සුදුයි ලස්සනයි ගානට මෙන්ටෙන් කරන ඇගයි හිනා වෙද්දි එක පැත්තක් වල ගැහෙන ඩිම්ප්ල් එකයි ආආආආආආඅහ් මන් මොකටද මේ නරි වස්සා ගැන හිතන්නෙ සැක්,

"මොනවද උබ....... අරුගෙ මුන දිහා කන්න වගෙ බලන් කල්පනා කරන්නෙ......"

"ඇහ්......"

"ඇහ් නෙවෙයි...... මොනවාද අරු දිහා බලන් කල්පනා කරන්නෙ කියලා ඇහුවේ......."

ආයිශ් සැක් නොන්ඩිය මන් මෙච්චර වෙලා අර මොඩ පගයා දිහානේ බලන් ඉදලා තියෙන්නේ සැක් ඌත් හිනා වෙනවා එක්ක, එත් මුගෙ මුනේ තියෙන්නේ මහා පැනි හිනාවක්.

"කවුද ඌ දිහා බලන් හිටියේ..... උබට පිස්සු.... වරෙන් යන්න අන්න බස් එක එනවා....."

"ඒහ් සුදු නංගී!.... කයිය ගැහුවා ඇති බස් එක එනවා නගින්න......"

"එකි එයි මිතුනා උබ වරෙන්......"

"නංගි නගිනවා බස් එකට....."

නංගීට මන් කැ ගැහුවම එකිත් ඉක්මනට බස් එකට නැන්ගා නැත්නම් කොල්ලො අස්සෙ රිංගන් තමා ඔකිට ඉන්න වෙන්නෙ. කොහොම හරි ස්කොලේට ආවා අද පලවෙනි දවස නිසා උගන්වන්නෙ නැ කිව්වා එ නිසා අලුතින් ආව උන් අදුර ගත්තා. දැන් මේ පරණ උන් සෙට් එක හම්බුනා.

මල් සරා 🌼 (Complete) Donde viven las historias. Descúbrelo ahora