- මේක දරුණුයි -

Start from the beginning
                                    

"ඒ මන් හිටියොත් නෙ.
උබලා එකෙක්ටවත් මාව තේරුම්ගන්න බෑ පවුලෙ බම්බුව ඔලුවට ගහන් ඔලුව උදුම්මගෙන ඉන්න උබලට කවදාවත් ඔය ළිං වලෙන් ගොඩ ඒමකුත් නෑ.
මතක තියාගන්න මිස්ටර් රණවීර මහලොකුවට බිස්නස් තිබ්බට ප්‍රින්සිපල් කෙනෙක් වුනාට වැඩක් නෑ තාම ජීවත් වෙන්නෙ ළිං වලේනම්."

පුපුරු ගහන කම්මුලත් අල්ලගෙන ගෙදරින් එලියට බැහැපු තාරුන්‍යා බයික් එකත් ස්ටාර්ට් කරගෙන යන්න ගියේ යන තැනක්වත් නොදැන.

"චූටිදුව ඔය බඩු ටික ලෑස්ති කරන්න."
"කෙල්ලව මන් කොහොමහරි වලව්වට අරන් යන්නම්."

අවසානෙට කතාවට තිත තියපු රණවීර ගෙයින් එලියට බැස්සෙ දෙතුන් දෙනෙක්ටම තාරුන්‍යාව හොයන්න කියලා.
















___________________________________________________♥️



මහ රෑ දොළහටත් ලගයි .
මුලු පරිසරයම අදුරේ ගුලි ගැහෙද්දි සමහර වේදනාබර හිත් පිරුණු ගෙවල් දෙක තුනක කණාමැදිරි එලි තැනින් තැන පෙනිලා නොපෙනිලා ගියා.

තාරුන්‍යා හිටියෙ වැව ගාව.පුරුදු නැවතුමේ තනි හිතත් එක්ක.තනිවම මුමුණමින්.

"ඇයි උබලා මෙච්චර දරුණු?"
"ඇයි මට කවදාවත් ආදරේ කරන්න බැරි
මේක මගෙ පවක්ද"
"නැත්නම් ඒ කෙල්ලගෙ පවක්ද"
"ආදරේ කරපු මමයි වැරදි "
'මුන් ගැන දැනගෙන මට තිබුනා හැගීම් වහන් ඉන්න.ඒත් යකෝ මේකත් හදවතක් නෙවෙයිද?"

තනියම කතා කරන ගමන් අත් දෙකෙන්ම ඔලුව අල්ලගෙන හිටපු තාරුන්‍යා දැක්කෙ නැහැ එයාට පිටිපස්සෙන් හිටන් ඉන්න මිනිස්සුන්ව.

බයික් එකට ජැක් එකක් ගහගෙන හිටපු නිසා පිටිපස්ස ගැන වැඩි අවදානයක් නොදීපු තාරුන්‍යා වැව දිහා බලනවත් එක්කම නහයට දැනුන සැර සුවදත් එක්ක ඔලුව කැරකිල්ල හැදුන තාරුන්‍යා ෆෙන්ට් වෙලා වැටුනෙ පිටිපස්සෙ හිටපු මිනිස්සු දෙන්නගෙ අත් උඩට.

"සර් වැඩේ හරි."

"ඉක්මනට වලව්වට එනවා."

SITHUMI POV,

උදෑසනම පොඩි අපි ...

බ්ලා බ්ලා මතක නෑනෙ යකො ඒකත්.

συɾ ʂƚσɾყ ♥️🌼||GL|| ᵒⁿᵍᵒⁱⁿᵍ Where stories live. Discover now