• පළමු වන දිගහැරුම •

Start from the beginning
                                    

ඒකත් ඇවිත් යුගාන්ගේ පස්සට ගහද්දි කොල්ලො දෙන්නගේ කැම්පස් දවසම ගෙවිලා යන්නේ පස්සට ගගහා . සිතිජ මේ තරම් මූඩ් ගහලා ඉන්නේ හේතුව මොකක් වුනත් ඒකා මේ විදිහට ගෑණි මැරිලා වගේ පොත් රාක්ක අස්සේ ඉන්නවට නම් යුගාන් කැමති වුනේ නැහැ .

" මොකද වොට්ටෝ මේ බූට් දහයක් කාලා වගේ "

" එයා ගියා බං එයා ගියා "

" කවුද දැන් ගියේ "

" මගේ කෙල්ල බං "

" කවුද උබේ කෙල්ල උබට එකක් කියලා නෑනේ පකයෝ ඉතිම් !! හරි දැන් උබව දාලා ගියේ සදුනිද තරුශිද හිරුනිද නැත්තම් පවනිද "

" වුන් නෙමේ බං .. මාව දාලා ගියේ ඈන් මම සිරාවටම ලව් කලේ ඈන් ට බං "

සිතිජ කියන්නේ වටේම ඉන්න කෙල්ලො රන් කරන්න ගිහිල්ලා සතියට දෙපාරක් විතර බූට් කන එකෙක් ඒත් කොච්චර බූට් කෑවත් සිතිජ සිතිජමයි ඕකා හැදෙන්නේ නැහැ !! ඒ හැම කෙල්ලෙක්ම සිතිජව දාලා ගියත් ඒකා කවදාවත් මේ වගේ විරහ වේදනාවෙන් නම් ඉදලා නැහැ . 

යුගාන් නම් සිතිජගේ ඔය ලව් කෙරුවාවෙන් ඈත් වෙලා ඉන්නේ කවදාවත් යුගාන් හිත් එක්ක සෙල්ලම් කරන්නේ නැති කොල්ලෙක් වුනු නිසා . මොකද යුගාන් කියන්නේ ආදරය කියන දේ තදින්ම විශ්වාස කරන කොල්ලෙක් . ඒත් යුගාන්ට නම් සිතිජ ඔය ඈන් කියන කෙල්ලට සිරාම ලව් කියලා නම් හොදටම තේරුන් ගියා .

" මං එහෙම කෙල්ලෙක්ව කැම්පස් එකේ දැකලත් නෑනේ බං "

" ඇහැක් වගේ මගෙ රෙද්ද අස්සේ ඔබා ගෙන හදපු කෙල්ලව උබ දකින්නේ කොහොමද "

" ඊයා වොට්ටෝ ඇයි සක්කිලියෙක් වගේ රෙද්ද අස්සේ කෙල්ලො ඔබා ගන්න ගියේ ශික් ඒකි උබව දාලා ගිය එක අහන්න දෙයක්ද ඉතිම් "

සිතිජ කියන්න උත්සාහ කලේ වෙන දෙයක් වුනත් යුගාන් තේරුන් ගත්තේ තවත් දෙයක් ඒත් අද යුගාන් එක්ක වාද කර කර ඉන්න නම් සිතිජට කිසිම මූඩ් එකක් තිබුනේ නැහැ . මූණත් බිමට බර කර ගෙන ගිටාර් එක ඔහේ බදා ගෙන ඉද්දි සිතිජ අමු සක්කිලියෙක් උනත් යුගාන්ට තමන්ගෙ යාලුවා මෙහෙම කෙල්ලෙක් නිසා දුකින් ඉන්නවා බලන් ඉන්න බැරි උනා . සිතිජගේ කර වටින් අතක් දැම්ම යුගාන් සිතිජගේ පිටට තට්ටුවක් දැම්මේ සේරම හරි කියන්න වගේ .

සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 Where stories live. Discover now