♡♡♡♡♡♡♡♡♡♡♡
රෙන් බොහෝ දුරට සැත්කම් තුවාල වලින් සුව අතට හැරෙමින් සිටියේය.
සැත්කම් කැලැල් මකා දැමීම පිණිස සිදු කළ ප්ලාස්ටික් සැත්කම් ද සාර්ථක ව සුව අතට හැරී ඇත්තේය.
ඔහු තව දුරටත් රෝහල් කුටීරයක වාසය කළ යුතුව නොතිබුණි. දොරක්.. නාන කාමරයට දොරක් හා වා කවුලුවක් හැර වෙනත් කවුලුවක් නොතිබූ කුටියක් ඔහුගේ කාමරය විය. ඔහුට එහි නොතිබූයේ අන්තර්ජාල පහසුකම් පමණකි.
කාමරය කොනක වූ කුඩා ශීතකරණයේ මිලෙන් අධික පළතුරු වර්ග, චොකලට් බාර් කිහිපයක්, අයිස්ක්‍රීම් සහ Made in Japan ලෙස සදහන් වූ ස්නැක් වර්ග ද, ජල බෝතල් කිහිපයක් ද පලතුරු යුෂ බෝතල් දෙකක් ද නිතර තිබුණේ ය. මුල්ම දින රෙන් ඒවා ඇල්ලීම ද ප්‍රතික්ෂේප කළේ ය. ' පිස්සු දොස්තර ඒවට වහ දාල නම්..? ' ඔහු තම දිවට තරවටු කළේ ය.
නමුත් ඔහුගේ ඉවසීමට වැඩි කාලයක් දරා සිටිය නොහැකි විය. වස දමා ඇත්නම් ඔහු මියැදේවි.. එය යහපතක් නොවන්නේ ද? සිනිදු ඇද ඇතිරිලි ද පහසු ඇදුම් හා නාන කාමරවල පිරවූ පෙණ බෝම්බවල සුවදට ද හිත නිසල කළ නොහැකි විය. වෛද්‍යවරයා ඊලඟට ඔහුට කුමක් කරන අරමුණින් සිටිත් දැයි ඔහු දන්නේ නැත. එබැවින් උලත් පිලත් එක ය. ඔහු කුස රිදුම් දෙන තරම් රසවත් ආහාර රසවින්ඳේ ය.
දැන් දැන් නම් ඔහු ඒ රසට හුරු වී තිබුණි. රාක්කයකින් එකක් පිරවූ පොත් වලින් එකින් එක ගෙන එහෙ මෙහෙ පෙරලා බැලීමෙන් කල් යැවූ ඔහු දැන් දැන් කියවීමට ඇබ්බැහි ව තිබුණේ නිදා සිටීම කාලය කා දැමීමට ඔහුට තිබූ අනෙත් එකම ක්‍රියාව වූ හෙයිනි.