"අහ්.. ඔව් එයා තාම එලියට ආවෙ නෑ මම ඇතුලට ගිහින් බලන්නද?"

"සර් අමීරා දැන් ටිකකට කලින් කෙනෙක් එක්ක ගියානෙ"

"මො- මොකද්ද"

සෙකියුරිටි කියපු දේ ඇහෙනවත් එක්කම ජන්කුක්ට දැනුනේ එයාගෙ හදවත නතර වෙනවා වගේ හැගීමක් අමීරව එක්කන් යන්න ජින් එන්නෙත් නෑ නම්ජූන් එන්නෙත් නෑ එයාලා දෙන්නටම බැරි නිසා තමා ජින් ජන්කුක්ට කිව්වෙ අමීරව ගන්න කියලා... ආපු ක්ශනික කෝපයට ජන්කුක් සෙකියුරිගෙ කොලර් එකෙන්ම අල්ලගත්තා

"උබ මෙහෙමද යකෝ පොඩි උන්ව බලාගන්නෙ ආආ... උබව ස්කූල් එක ඉස්සරහා තියලා තියෙන්නෙ ලස්සනට නෙමෙයි මේක ඇතුලෙ ඉන්න පොඩි උන් ටිකව බලාගන්න. මොකෙක් හරි ආව පලියට දරුවව එක්කන් යන්න දුන්නෙ උබට වගකීමක් නැද්ද? "

"සොරි සර් අමීරා ඒ ආව කෙනාව දන්නවා. එයාව බලෙන් අරන් ගියෙ නෑ දරුවා කැමැත්තෙන්මයි ගියෙ"

ජන්කුක් සෙකියුරිටිගෙ කොලර් එක අත ඇරලා දාලා ෆෝන් එක එලියට ගත්තේ ජින්ට කතාකරන්න

"නෑ.... නෑ... ජින් හියුන්ට කියන්න හොද නෑ එයා surgery එකේ ඇත්තෙ. දෙයියනේ අමීරා ඔයා කොහෙද ලමයෝ..."

ජන්කුක් පිස්සෙක් වගේ ස්කූල් එක වටේ පාරෙ ටික දුරක් ඇවිදගෙන ගියා අමීරා ඉන්නවද බලන්න. ටික දුරක් යද්දි එයාට මතක් වුනේ ජිමින්ව සමහර විට ජිමින් ඇවිත් අමීරව එක්කන් යන්න බැරිකමක් නැති නිසාබ්ජන්කුක් කලබලෙන් එයාගෙ ෆෝන් එක සාක්කුවෙන් ඇදලා අරන් ජිමින්ට ඩයල් කරා

"හෙලෝ හියුන්"

"ජ් - ජිමින් ඔයා කොහෙද ඉන්නෙ"

"හියුන් මම කැම්පස් එකේ ඉන්නෙ. ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද ඔයාගෙ කටහඩත් වෙනස් වෙලා"

"නෑ නෑ ජිමින් ප්‍රශ්නයක් නෑ මම මේ නිකන් කෝල් කරේ"

ජිමින් තව මොනව හරි කියන්න කලින් ජන්කුක් ඉක්මන්ට ෆෝන් එක කට් කරලා දැම්මේ එයාට ජිමින් අහන දේවල් වලට උත්තර නැති නිසා

"මොකාද මගෙ දරුවව අරන් ගියෙ!!! මම ඕකව පන පිටින් ඉතුරු කරන් නෑ දරුවට හීරීමක් හරි සිද්ද වෙලා තිබ්බොත්!!!!"

Obsession (Taekook)حيث تعيش القصص. اكتشف الآن