Chapter 2

550 108 80
                                    

ජන්කුක් දැන් cid branch  එකේ හෙඩ් ඔෆිස විදිහට වැඩ බාරගෙන දවස් දෙකක් වෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්කුක් දැන් cid branch එකේ හෙඩ් ඔෆිස විදිහට වැඩ බාරගෙන දවස් දෙකක් වෙනවා. කොරියානු පොලිස් ඉතිහාසය තුල අපරාධ විමර්ශන අංශයේ ප්‍රධානියා විදිහට පත්ව ආ ලාබාලතම පොලිස් නිලධාරියා ඔහු වන අතර මේ සදහා හේතුව වූයේ ඔහුගේ දක්ශතාවය පමනක්ම විය. මේ දවස් දෙක ඇතුලත ජන්කුක් එයාට පැවරිලා තියෙන රාජකාරි පිලිබද අනෙක් නිලධාරින්ගෙන්ද උපකාරය ඇතුව හොද දැනුමක් ලබාගත්තා.

ජන්කුක් මේ වෙලාවෙ හිටියේ එයාගෙ කැබින් එකේ ලොකු ෆයිල් කන්දකට යට වෙලා ඇත්තටම එයාට හිතා ගන්න බැරි වුනා මේ ගොඩගැහිලා තියෙන කේස් කොතනින් පටන්ගෙන කොතනින් ඉවර කරන්නද කියලා. කලින් විමර්ශන අංශයේ තිබුන අකාර්යක්ෂමතාවය නිසා අහස උසට කේස් ගඩගැහිලයි තිබුනෙ. ඒ අතරින් ජන්කුක්ගෙ අවධානය වැඩිපුරම ගියේ නිල් පාට ෆයිල් එකකට සෝල් නගරය තුල පමනක් නොවේ මුලු කොරියාවේම ඩ්‍රග්ස්, අයිස් , කොකේන් වගේ මත්ද්‍රව්‍ය සපයන ජාලයක් ගැනයි ඒ ෆයිල් එකේ සදහන් වෙලා තිබුනේ. කලින් ලබාගෙන ඇති තොරතුරු වලින් සනාත කරගෙන තිබුනේ සෝල් නගරයේ පිහිටි අති සුඛෝපභෝගී ක්ලබ් එකක් රහසිගතව තිප්පොල කරගෙන මේ බෙදාහැරීම් සිදු කරන බව. මේ ෆයිල් එක බලාගෙන යනකොට ජන්කුක්ගෙ කටකොනින් හිනාවක් ඇදිලා ගියේ ඇත්තෙන්ම එයාටත් නොදැනීමයි

ෆයිල් එක වහලා පැත්තකින් තිබ්බ ජන්කුක් තමන්ගේ බෙල්ල දෙපැත්තට ගසලා හිරි ඇරියේ දාගෙන හිටිය ස්පෙක්ස් දෙකත් පැත්තකින් තියන ගමන්.
ඒත් එක්කම එයාගේ මේසේ පැත්තකින් තිබුන ෆෝන් එක අරන් නම්බර් එකක් ඩයල් කරලා පුටුවට හේත්තු වුනේ හොද හුස්මක් අරන්

"සර්"

"හෙලෝ සාජන් ලී , SI (Sub Inspector) හන්ටයි සාජන් පාක්ටයි මගේ කැබින් එකට එන්න කියන්න ආආ.... තව මිස් චෝයිටත් එන්න කියන්න"

Obsession (Taekook)Where stories live. Discover now