- 29 -

412 68 14
                                    

♡♡♡♡♡♡♡♡♡♡♡

" මොකද බං අර අරූට ඊයෙ උදේ වරුවෙ ඉදං වෙලා තියෙන්නෙ? ඈ? " බිම විසිරුණු බත් ඉලපතෙන් අතු ගා එක්කාසු කරන මහලු කත කඩපිළට ගොස් එන ඒශ්වර් හා පැවසුවේ කෝපයෙනි. ඔහු නැවී ඈට උදව් කළේ ගෙතුල නෙලුම්ගේ හාවක් හූවක් ගැන කන්දෙමිනි.

" ඇයි අත්තම්මා? "

     " කන්න බෑ කියලා පොලවෙ ගැහැව්වෙ නැද්ද බත් පිගාන! දුන්නා මම හොද ඉළපත් පාර දෙකක්. ඇයි යකෝ. කිව්වම මොකද.. උබලගෙ අප්පොච්චට පින් අත්වෙන්න අඩුපාඩුවක් නැතුව වේලක් කාලා ඉන්නෙ මේ දවස් ටිකේම. ඒ කොල්ලා දුක් මහන්සි වෙලා ගෙනත් දාපු හාල් ඇටේක උනත් ඇති වටිනාකම දන්නෙ අපි නෙව. මුට කාලා තෙලේ වැඩි වෙලා. දෙන්නෙ නෑ අද රෑට කන්ඩ. ඉලන්දාරිකොම ඉහට ගහලා. නහර එක දෙක පෑදෙනකොට මුං හිතන්නෙ ඉබේ මහ වුණා ය කියලා. වේලක් දෙකක් වේලුවනං හරි අමාරුව යන්ඩ. මං හිතුවා ඒත් දැන් හැදිලා ය කියලා.. හැදිලා තියෙන්නෙ යස අපූරුවට. ලෙඩා නේ කියලා ගෙදරදොරේ වැඩක් පලක්.. අඩුගානෙ කාපු පිගානවත් හෝදන්ඩ නොදී තොපිටම කබුරන අපිට ඔහොම කොරලා මදි පුතේ උබ! වෙව්ල වෙව්ලා හරි වේලක් මඟ නෑර උයන්නෙ පුලුවන්කොමකට කියලා හිතාගෙන ඇති. "

          මුලුතැන්ගෙය දෙසින් ඉකිබිඳුම් හඩ ඇසුණේ ය. අත්තම්මාගේ හඩ ද වෙව්ලුවේය. ඒශ්වර්ගේ පපුව පිච්චෙන තරම් විය. " අනේ අඩන්න එපා ඉතින් අත්තම්මා. අයියා ඉන්නෙ හොද මානසිකත්වයක නෙවෙයි.. ඔයා ඒක දන්නවනෙ.. අනික අප්පච්චිට අඩුපාඩුවක් නෑ. එයා ඔයාලට සලකන්නෙ තමන්ගෙම පවුල කියලා හිතන්. වැඩිය හිතන්නැතුව ඉන්නකො. ඔයාට උයන්න පිහන්න අමාරුයි කියලා මම දන්නවා. අද ඉදන් මම ඔයාට උයන්න උදව් කරන්නං. ඔයා වගේ රහට උයන්න පුලුවන් නං මං තනියෙන් ම උයනවා. ඔයා තුනපහ මිරිස් ටික දාලා දෙන්නකො. මට උයන්න පුලුවන්.. "

     " අනේ උබෙන් මට වැඩ ගන්න ඕනකොමක් නෑ කොල්ලො.. මට තාම උයාපිහාගන්ඩ බැරිකොමක් නෑ. මූ බෙදලා ඔඩොක්කුවට ගෙනැල්ලා දීපු බත් පිගානට ගහපු පාර තමා වැදුනෙ මයෙ හිතට. කොච්චර නොසන්ඩාලයෙන් වුනත් මූ ජීවිතේට ඔහොම වැඩක් කොරලා නෑ. "

සියපතක රොන්සුණු ( Completed | BL | Non FF  )Tempat cerita menjadi hidup. Temukan sekarang