Rainy Days (SPOILER)

136 22 6
                                    

At Midas Entertainment
Seoul - South Korea

"අපි හිතනවට වඩා මේ සිද්ධිය බරපතලයි මිස්ටර් ලී.. ජන්ග්කුක්ගේ අලුත් ම album එකේ sales මාර විදියට අඩු වෙලා .. මේ යන විදියට world tour එක ගැන බලාපොරොත්තු තියා ගන්න බැරි වෙයි වගේ .."

සන්ග් වොන්, Midas Entertainment එකේ Sales Operation මැනේජර් ජන්ග් කුක්ගේ මැනේජර් ලී ට කිව්වේ බලාපොරොත්තු කඩ වුණ ස්වරයෙන්.
.
"ඒත් තාම කුක් ගේ ඇල්බම් එක billboard වල best selling chart එකේ පළවෙනි 10 ඇතුලේ තියෙනවා නේ.. World tour ඒකෙත් ඉතින් බාගයක් sold out නේ..

මැනේජර් ලී වාද කළා...

"ඒත් මිස්ටර් ලී මතක නැත්තං මතක කරගන්න...ජන්ග් කුක් මීට කලින්, ඒ කියන්නේ අන්තිමට release කරපු ඒ album තුනම මාස ගානක් යනකම් best selling chart වලින් පලවෙනි තුනෙන් පහලට වැටිලා නෑ ඔක්කොම 2 මිලියන් වලට වඩා වැඩි... Tour එකේ second round එකේ issue කරපු ටිකට් බාගයක් ම තාම ඉතුරුයි. එහෙම කවදාවත් වෙලා නෑනේ...

"මිස්ටර් කිම් එක්ක තියන පටලැවිල්ල ඉක්මනින් විසඳ ගත්තේ නැත්තං, මේ, ජියොන් ජන්ග් කුක් කියන සුපිරි තරුවගේ කඩා වැටීමෙ ආරම්භය කියලා ගොඩක් අය කියයි..."

සන්ග් වොන් ගේ කටහඬේ තිබුණේ බැරෑරුම් වගේම නොරිස්සුම් බවක්.

නමුත් මිස්ටර් ලී ගේ මුහුණේ ඇඳුනේ බියක් වගේම විශාල දුකක්.. trainee කෙනෙක් විදියට මෙතනට ආව දවසේ ඉඳන් එයාගේ දරුවෙක් වගේ හදාගත්ත ජන්ග් කුක්ගේ කඩාවැටීම මේක කියලා පිළිගන්න ඔහුගේ හිත පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ...

මිස්ටර් ලී ට අනුව ජන්ග් කුක් මේ ලෝකේ තියෙන හොඳම ආදරේ ලබන්න උරුම වුණ හුරතල් වගේම කරුණාවන්ත දරුවෙක්.. එහෙම එකේ එයාගේ ආදරේ නිසා එයාව විනාශ වෙනවා කියලා ඔහු කොහොම නම් පිළිගන්න ද?

විශේෂයෙන් ඒ ආදරේ කරන කෙනා කිම් ටේහියෝන් වෙද්දි, විනාශය කියන වචනය ඒ නම එක්ක එකම වාක්‍යයේ තියෙන්නවත් පුළුවන් ද කියලා ඔහු දහස්වරක් හිතලා දුක් වුණා ...

කවුරුත් නොදැක්ක වුණත් යූන්ගි ව හම්බවෙන්න ආව ටේහියෝන්, අහම්බෙන් දොර ළඟ ඉඳන් මේ හැමදේම අහං හිටියා.

ජන්ග් කුක් ඇර කිසිම කෙනෙක් ඉස්සරහ අඬන්නේ නෑ කියලා තමන්ට ම පොරොන්දු වෙලා හිටිය ටේහියෝන්ගේ ඇස් වලින් කඳුළු උතුරවන්න ඒ වචන වලට මහා වෙලාවක් ගියේ නෑ ..

ඒත් එයාගේ යූන්ගි හියොන් කියපු වචන ටික මතක් කරන් ටේහියෝන් එයාගේ කඳුළු පිහදාගෙන ලොකු හුස්මක් ගත්තා ....

මොකද ,ජන්ග් කුක් වෙනුවෙන් ටේහියෝන් කාටත් වඩා ශක්තිමත් වෙන්න ඕන නිසා.. ජන්ග් කුක් ට පොරොන්දු වුණා වගේ මේ ලෝකේ මිනිස්සු මොනවා කිව්වත්, ටේහියෝන් ජන්ග් කුක්ව වෙන කාටත් වඩා විශ්වාස කරන්න ඕන නිසා.

ඒත් දෛවය ඔහුව කොච්චර නම් අසරණ කරාවිද කියලා ඔහුට හිතා ගන්නවත් පුළුවන් වේවි ද?

🥺🥺

ඉක්මනින් හම්බෙමු💜💚

𝗬𝗼𝘂𝗿 𝗘𝘆𝗲𝘀 𝗧𝗲𝗹𝗹 | TAEKOOKWhere stories live. Discover now