Till the end 🥀

197 28 15
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



ජන්ග්කුක්...

ඔහු තමයි ඔහුගේ ජීවිතේට සතුට කියන දේ අරන් ආව පළවෙනි කෙනා.. ඔහුගේ මන්දාකිණි වලින් පිරුණ ළාබාල දෑස්, දහස් ගානක් බලාපොරොත්තු වලින් පිරිලා තිබුණ හැටි යූන්ගි ට අද වගේ මතකයි...

පළවෙනි දවසේම යූන්ගි, ජන්ග්කුක්ව එයාගේ යටතට ගත්තේ, ඒ බලාපොරත්තු වලට පන දෙන ගමන් කාලයක් තිස්සේ අඳුරු මතක එක්ක වැලිල තිබ්බ එයාගේ හීන ටිකත් හැබෑ කරගන්න ආයේ පටන් ගන්න තරම් නිර්භීත වෙමින්...

ඔව්..අද කොරියාවේ මුළු එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එකම තප්පරෙන් උඩූ යටිකුරු කරන්න යූන්ගිට පුළුවන් වුණාට, ඔහුගේ ආරම්භය වේදනාවන්, දරාගන්න අමාරු හිත් රිදීම්, අඳුරු සිතුවිලි පිරීච්ච එකක් වුණා...

අන්තිමේදි තමන් ව බේරගන්න, තමන් කැමති ම දේ අතාරින්න සිද්ද වෙන තරම් අවුරුදු 18-19ක් වුණ යූන්ගි ට එන්ටර්ටේන්මන්ට් industry එක නපුරු වුණා...

ඒත් එයාගේ ඇඟේ නහරයක් නහරයක් පාසා දුවන, සංගීතය වෙනුවෙන් ම උපන් ලැදියාව, හැකියාව ලේසියෙන් පරාජය බාර ගන්න කැමති වුණේ නෑ ..එනිසා එයාගේ පුංචි  ජන්ග්කුක් ආපහු එයාට එයාව හොයාගන්න උදව් කරද්දී යූන්ගි එයාගේ කැපවීමෙන් දක්ෂතා වලින් යන්න පුළුවන් උපරිම දුර ගියා..

ජන්ග්කුක් ගේ නොහිතූ ඇක්සිඩන්ට් එක කොච්චර පුංචි එකක් වුණත් යූන්ගි ගේ හිත කියා ගන්න බැරි බයකින් වෙලිලා ගියා...

ජන්ග්කුක් කොච්චර උත්සාහ කළත් යූන්ගි ව සන්සුන් කරන්න, ඒක වැඩක් වුණේ නෑ... යූන්ගි ජන්ග්කුක්ට සති දෙකක් යනකම් ඇඳෙන් බහින්නවත් දෙන්න නොදී බලාගන්න ටේහ්යෝන්ග් ට සම්පූර්ණ බලතල දුන්නා.. ඒ අතරේ විවේක ගන්න එයාලව ජේජු ම යවන්න යූන්ගි තීරණය කළේ එයාගේ කුකී ව පුලුවන් කාලයක් විවේක ගන්වන්න ඕන නිසා..

𝗬𝗼𝘂𝗿 𝗘𝘆𝗲𝘀 𝗧𝗲𝗹𝗹 | TAEKOOKWhere stories live. Discover now