අට

396 67 10
                                    

..

..

..

මනුස්සයෙක්ද දැනෙන්න පුළුවන්
බලවත්ම හැගීම...
බොහෝ විට ආදරේට වඩා...
පසුතැවිල්ලයි..........................

.
.
.


  මගෙ අත මගෙ පපුව උඩ නතර උනා....ඇස් පනාපිට පේන්නේ ඇත්තක නැත්තක්ද කියන්න මටම අදහාගන්න අමාරු උනා...ඒක මායාවක්ද එහෙම නැත්නම් යතාර්තයක්ද...විස්වාස කරන්න බෑ...මාව එකතැන ගල් වෙලා වගේ...කකුල් පොලොවට ඇලිලා වගේ...මගෙම හුස්ම නොවැටෙන තරම්..ඒ උනත්....කන් ඇතුලෙ දෝංකාර දෙන්න හද ගැස්ම ඇහෙන තරම්...


  කොහෙන් ආවද කොහොම ආවද කියන්න දන්නෙ නෑ..ඒත් ඒක ලොකු ට්‍රක් එකක්....ට්‍රක් එකක් කියනවටත් වඩා ටිපර් එකක්...ටෙක්නිකල් එකෙ ගේට්ටුවටත් වඩා ලොකු උනු ඒ ටිපර් එක කලබලෙන් වගේ හෝන් ගහන ගමන්...ලයිට්ස් පත්තු කරන ගමන් ඒක කෙලින්ම ඇදිලා ආවෙ වැහුනු ගේට්ටුව පැත්තට....දැන් නතර වෙයි දැන් නතර වෙයි කියලා බලන් හිටියත් පලාතම මහ සද්දෙකින් දෙදරගෙන ටිපර් එක කලු පාට විසාල ගේට්ටුවත් කඩාගෙනම ඇතුලට ආවා....ඩ්‍රයිවර්ටවත් පාලනය කරගන්න බෑ කියලා හිතෙන වේගේකින්..

  තවත් මෙහෙම හිටියොත්..අනිවාර්යයෙන් මාවත් යට කරගෙන යන්න යයි...

   ටිපර් එකටත් මටත් තිබුනේ අඩි දහයක තරමෙ දුරක් වෙද්දි..මං මගෙ පපුව මිරිකගත්තා...නෑ මට මැරෙන්න බෑ...මේ විදිහට වාහනේකට් යට වෙලා නම් කීයටවත් මැරෙන්න බෑ....ඒ වෙලාවෙ ඔලුවට කීයක් දේවල් ආවද මටවත් මතක නෑ...ඔලුව මේක කරපන් අරක කරපන් කියලා එක පිට කොච්චර කෑ ගැහුවා උනත් මට පොලොවට ගල් උනු මගෙ කකුල් හොල්ලව ගන්නම තප්පර ගානක් ගියා...ජිවිතේ කවදාවත් නොදැනුනු මරන බයකින් හිත වෙලාගෙන යද්දි..මට තේරුනා මාව දාඩියෙන් නෑවෙන හැටි...ඇග පුරා හිරියක් දුවන් යන හැටි...ඒ හිරියට මාව ගැස්සෙන හැටි..ඒ එක්කම කකුල් පන නැතුව මාව වැටෙන්න යන හැටි......

  ඒත් මෙච්චර ලෙසියෙන්..කීයටවත් නෑ.....


   මිනිස්සුන්ට දෙයියෝ බුදුන් මතක් වෙන්නෙ ජීවිතේ අමාරුම කාලවලදි කියන්නා වගෙ මටත් මං අදහන දෙවියන්ව මතක් උනා ..උදෙ හවා පහන තියලා දුම් අල්ලන කතරගම දෙවියන්ගෙ පින්තූරෙ මතක් උනා....කතරගම දෙවියන්ව දරාගෙන ඉන්න ඒ මොනර රාජයව මතක් උනා...ඉතින් ඒ නිසාමදෝ..නැත්නම් වාසනාවටදෝ ගල් උනු කකුල්වලට පන එද්දි...ආපිට නොබලාම මං දිවුවා.....ප්‍රදාන ගේට්ටුවෙ ඉදන් දකුනු අත පැත්තට තිබුනු මං තීරුවෙ ආපිට නොබලම මං දිවුවා..වේගෙන් ටයර් පොලොවෙ ගැටෙන හැටි.....ටයර්වලට හැප්පිලා මල් පෝච්චි එක දෙක කුඩුවෙන හැටි.....බ්‍රේක් නැති වාහනේ බ්‍රේක් කරගන්න දත කන හැටි...එකින් එක සද්ද එක්කම ඇහෙන්න ගද්දි මලානික එලියක් තිබුනු ලයිට් එලි අතරින්ම මං දිවුවා....ආපිට හැරිලා තාප්පෙ පැනලා ගෙදර පලයන්.ගිහින් පොරවන් නිදාගනින් කියලා හිත කෑ ගැහුවත්..ඒකට මගෙ කකුල් ඉඩ නොදෙද්දි...මං මරු කටටම දිවුවා..




      ලොකු ලොකු බිල්ඩින් පහු උනා...පැල තවාන් පහු උනා...අලුතෙන් හදපු තට්ටු ගානක් උස බිල්ඩින් එක පහු උනා....අර පරික්ශනේට මෙ පරීක්ශනේට කිය කිය වගා කරලා තිබ්බ පැල දාස් ගනින්...ඒ පැල පුරෝපු බිල්ඩින් එක දෙක පහුවෙලා ගියා....නොදැනීම උනත් මං ඇවිත් හිටියේ නේවාසික ගොඩනැගිලි පැත්තට වෙද්දි....දුවන එක නතර කරලා මං හති දාන පපුව අල්ලගත්තා....


  අර ට්‍රක් එක...ඒකට මොනා උනාද දන්නෙ නෑ...හැප්පෙන්න ඇද්ද...අනේ මන්දා ඕන එකක්..මකබෑවිලා ගියත් මට මොකද..



..හහ්...හහා...හහ්...




   දෙයියනේ මාව සීතල වෙලා ගියා.....ඒක හිනාවක් කාගෙ හරි හිනාවක්....අයිස් බාල්දියකින් නෑවා හා සමානව ඇගම හීතල වෙලා යද්දි....මං ගැස්සිලා පිටිපස්සට හැරුනා..



..හහා...හ්හ්හ්..හා..හා...හහ්...

හහා..හහ්...හාහ..හා...හා....




   ඒක හිනාවක්..ගෑනු ලමයිගෙ හිනාවක්.නිකම් නෙවේ අර කොක් හඩලා හිනාවෙනවා කියන්නෙ...ආන් ඒ හිනාවක්...ඒත් මේ වෙලාවෙ...එක් කෙනෙක්ගෙ නම් වෙන්න බෑ..කීප දෙනෙක්ගෙ වෙන්න ඔන..ඒවා ඇහෙන්නෙත් වොශෲම් පැත්තෙන්....මේ මහ රෑ මුන් නිදාගන්ණෙ නැතුව කට්ටි පැනලා ගුලිවත් කාලද...හැබැයි ගුලි කෑවා කියලා හිනා යන්නෙත් නෑ....දුම් කොල නට්ටකට හුනු පොඩ්ඩක් ගාලා එනසාල් ඇටේකුත් තලලා දිව යටින් තියාගත්තොත් ඕන් හිනා යනවා...ගුලි කෑව ගමන් ඉන්න බෑ ඒකේ පවර් එකට වැටෙනවා....


   මං වොශෲම් පැත්තට බෙල්ල දාගෙන හිටියා..මට ඕන්නැති මගුලක් නෑ....හොරෙන් බිල්ඩින් අස්සට පැනලා තව අනුන්ගෙ මගුල් හොයනවා...මෙහෙම ගියොත් මේ යන විදිහට දුවලයි ..බය වෙලයි මට හාට්ටුවක් ගේම්න වෙයිද මන්දා....


   එකපාරටම දැනුනෙ ඇගම හීතල වෙලා යන තරමෙ සීතලක්....උස තාප්ප අස්සෙන්...ලොකු බිල්ඩින් අස්සෙන් එහෙම හුලගක් ආවෙ කොහොමද කියලා හිතාගන්න බැරි උනත් මම අත් දෙක එකට අතුල්ලගන්නෙ ආවෙ මොකටද කියලා එක මොහොතකට අමතක වෙලා යද්දි....ඒ උනත්...






...මොකද මෙතන කරන්නෙ..........






.........................
......................................

අනේ සොරි පරක්කු උනාට.....සොරි හාද...

තව කොටස් දෙකයි...

මේක හැපි එන්ඩින් හරිතේ..

මන්
A.xian
ශිරු 💙

R.I.P (Yizhan Short)Where stories live. Discover now