දහය

394 61 15
                                    


..

..

..




..මං කිව්වා තොට ඔය එක එකා කියන පලියට විස්වාස කරන්න යන්න එපා කියලා....තෝ ඉතින් අපි කියන ඒවා ඇහුවෙ කවද්ද...තොගෙත් අලි ඔලුවනෙ...පලයන්කො පලයන්කෝ...ගිහින් වරෙන්කෝ...








සිද්දිය කියලා පහුවෙනිදා ත් යන්න වෙනවා කිව්ව ගමන් දේමිකයා පරල උනේ හරියට මගෙ ගෑනි වගේ...උගෙ කියවිල්ලත් එක්ක සැනසීමෙන් තේ එක බොන්නවත් නෑ.....උගුරෙන් පහලට යන තේ උගුර මුගෙ කියවිල්ල එක්ක වාශ්ප වෙලාම යනවා....හොද පදේ කියනවා මුගෙ අර අසනිප අම්ම නිදාගෙන හිටියෙ නැත්නන්..


..අපෙ අම්මත් තොට කියන්නෙම ඔය රෑ ගමන් යන්න එපා කියලා බල්ලෝ...තේරෙන්නෙ නැද්ද කියන මගුලක්.....අර වල්පිටමුල්ල හංදිය වගේමයි නයිවල හංදියත්...වල්පිටමුල්ලෙන් මැරිච්ච ගෑනියක් නගිනවලු බයික්වලට ඒකිව හැප්පුවේ මොකාද කියලා හොයන්න..ලගදිම තොටත් වෙන්නෙ ඒකම තමා තියෙන මනමාලකමට...ළමයා වඩාගන්නෙ නැතුව මෝහිනීගෙ සාරිය අන්දන්න ගිය එකානෙ උබ....



ගෑනුන්ට අන්තයි පිරිමි කරච්චලෙ වගේ කියවන්න ගත්තාම..සුලැගිල්ලෙන් කන කසලා මං තේ එක අඩියටම ගසලා දැම්මා....මූ මොකට මෙච්චර කෑ ගහනවද කියලා හිතාගන්න බෑ....ඒ මදිවට බයික්වලට නගින මැරිච්ච ගැනුයි මෝහිනීලයි ගැන කියෝනවා....යකෝ සාරිය අන්දන්නත් මෝහිනීව දැකලා තියෙන්න එපැයි....මූ උදේ පාන්දර අමු කියෝනවා....සමහර අයගෙ නම් සාරි කඩලත් තියෙනව අන්දලත් තියෙනවා...හැබැයි මෝහිනී අක්කව නම් දෑහට දැකලා නෑ...ඇරත් පිස්සුද ළමයෙක් එක්ක ගෑනියෙක් බාරගන්න..ලස්සන උනු පලියට යක්කින්නියො බැදන් ජීවත් වෙන්න පුළුවන් කියලද.....




..මට කියලා හුකවගන්නෙ නැතුව කටයි පුකයි වහන් ගෙ ඇතුලට වෙලා ඉදපන්..තෝ හරියට මගෙ ගෑනි වගේ....


පයින් පාරකුත් ඌට දිගෙන මං තේ කෝප්පෙ කුස්සියෙන් තියලා ආවෙ ඒකත් ඌට හෝදන්න දීලා...මොනා නැතත් අම්මා අසනිප නිසා ඒකට හොදට වැඩපල පුලුවන්.....කාපු ඉදුල් පිගාන උනත් මීක් නැතුව හෝදලා දෙනවා...


සාලෙ ගහලා තිබුනු පොඩි කන්නාඩි කෑල්ල ලගට ගිහින් ගෝල්ඩ්වලිනුයි සුදු පාටිනුයි කලර් එකක් දාපු කොන්ඩෙ උඩට උස්සලා ජෙල් ටිකක් ගාලා හදාගත්තෙ කොහෙ ගියත් කොල්ලා ලස්සනට යන්න ඕන නිසා...එක කනක් විදලා දාපු කුරුස කරාබුව එක්ක බෙල්ලට දාපු ධර්ම චක්‍ර මාලේ එක්ක බලන එකෙක්ට මාව පෙනුනෙ රස්තියාදුකාරයෙක් වගේ වෙද්දි...හරියට බැලුවොත් හරි හමන් ආගමක් නැති...පන්සලකට පල්ලියකට යන්නෙ නැති...ඉතුරුවත් නැතුව අතට හම්බෙන ගාන එවෙලෙම වියදම් කරලා ෆුල් ආතල් එකේ ඉන්න මං අමුම අමු රස්තියාදුකාර කොල්ලෙක් කියන්න මන්ම දැනන් හිටියා....

You've reached the end of published parts.

⏰ Last updated: Feb 02 ⏰

Add this story to your Library to get notified about new parts!

R.I.P (Yizhan Short)Where stories live. Discover now