7

131 27 12
                                    

@night

Pjm pov

"aish what the f.."

මමත් හෝතම්බුවා වගේ රෑ ඇවිදින්න ගියා මදැයි . කෙහෙල්මල් වැස්සකුත් එනවා . අනෙ අම්මපා හෙනම ගහපන් ...

ජිමින් තමන්ටම කියා ගන්නවා එක්කම අඇත්තටම අකුනකුත් ගැහුවෙ එයාව බය කරවමින් . වේගෙන් තමන්ගේ මැන්ශන් එක පැත්තට දුවගෙන ගියපු එයාට ගේට් එක අරිනකන් තෙමි තෙමී තමයි ඉන්න උනේ .

" ඔහ් පොඩි බේබි . ලොකු මහත්තයත් ආවා බේබි " ගේට් එක ගාව හිටපු security කියනවා එක්ක ජිමින් පොඩි හිනාවක් දාලා යන්න ගියා . ගනන් ගන්න එපා ඒ තමයි තාරාවගේ හැටි .

" ඔහ් මෙ එන්න ප්‍රින්ස් චාර්ම් . මහ රෑ මොනා අස්සේ රින්ගනවද දන් නෑ " මිස්ටර් පාක් කෑ ගහන්න ගත්තා

" අප්පා මන් ... මන්"

." මන්. ඇයි මන් මොකද . තමුසෙ ඇයි ජිමින් වගකීමක් ඇතුව වැඩ කරන් නැත්තේ . තමුසෙට ඉගෙන ගන්න බැරි නම් කියලා මන් කම්පැනි එකෙන් කොටසකුත් දුන්නා . ඒකත් පාඩු ලබනවා . අඇයි තමුසෙට බැරි ටේමින් වගේ වැඩ බැලන්ස් කරගන්න .."

මිස්ටර් පාක් එයාට තිබ්බ ස්ට්‍රෙස් එක යවාග්ත්තේ ජිමින්ගෙන් . එයා කිව්ව වචන කොල්ලට කොයි තරමට බලපෑවද කියලවත් මිස්ටර් පාක් ට ගානක් උනේ නෑ .

" තමුසේ පාක් පවුලටම ලැජ්ජාවයි . ලැජ්ජයි තමුසේ මගේ පුතා කියන්න"

නිහඩව හිටපු ජිමින්ට ඒ විදිහට බැනපු මිස්ටර් පාක් අඇතුලට ගියා වගේම ඉතුරු අය ජිමින්ගේ මූන දිහාම බලන් හිටියේ එයාව තවත් අපහසුතාවට පත් කරලා

ඒත් තවම මැන්ශන් එක අඇතුලට අඩියක්වත් නොතියපු ජිමින් මහ වැස්සෙම පාරට දිව්වා .

අඇයි අඇයි අප්පා මාව සස්දන්නේ . මන් කරපු වැරැද්ද මොකක්ද . ඔම්මා මරාගෙන ආපු නිසාද . මන් කාලකන්නියෙක්ද . ඔව් ඉතින් කවුරු මට ආදරය කරන්නද .

අඩුම කෙනෙක්ට මට ආදරය දෙන්න හේතුවක්වත් තියෙනවද ?

ජිමින් ගිගුරුම් දෙන අහස දිහා බලාගෙන අඇඩුවා . ඔව් cold prince පැය ගානක් අඇඩුවා . කාට කියලා පේන්නද

@morning

jungmi pov

ඉහිම් ඉහිම් අද පර්ප්ල් රේන් . දම් පාටට වහීද දන් නෑ . එක්කෝ ඕන් නෑ . ගොම පාටට වහින් නැතුව ඕනේ පාටකට වැස්සට කමක් නෑ .

මේක නිසාවත් කොල්ලෙක් සෙට් උනා නම් . අම්...

මම නම් කියන්නේ මම කැත නෑ . හොල්මන් ලෝකේ සේරම කොල්ලෝ මට ලයින් . ඒක තමා මෙහෙන් සෙට් වෙන් නැත්තේ

දැන් බලන්නකෝ ඔය ඉස්සරහින් යන ඔප්පා දිහා . ඔප්පා හැන්ඩි . ඒ උනාට පොරගේ සෙරප්පුව කැතයි

පන්ති කාමරය ගාවට එනකන් තොර තෝන්චියක් නැතුව තමන් එක්කම කියව කියව ගිය ජන්මිගෙ කට බාගෙන අඇරුනේ එයා ඉන්න තැනත් පිටි මකුනියෝ ඉදගෙන නිසා

අයිශ් මට මුන්ගේ කොන්ඩෙන් අදින්න හිතයි . ඒත් ඉතින් ඒම කරොත් මුන් ටික මාව මරන්නේ ලිප්ස්ටික් වලින් අඇනලා . හුම්..

කිසි ගානක් නැතුව ජන්මි ගිහිම් මේ වෙනකොටත් ඔලුව තියාගෙන හිටපු ජිමින් ගාව ඉදගත්තා .

කවුරුහරි ඉදගත්තා කියලා දැක්ක ජිමින් යන්තම් ඔලුව උස්සලා බැලුවත් එයාගේ ඔලුවෙ අමාරුව නිසාම ආයෙ ඔලුව තියාගත්තා .

වාහ් එයාගේ අඇස් අඇයි මහන්සි පාටෙන් තියෙන්නේ . මට අඇයි අප්පා එයාගේ නලලට අත තියලා උනද බලන්න හිතන්නේ .අද බැන්නෙත් නෑ මේ පුදු-

" තමුසෙ මොකද මෙතන කරන්නේ " ජන්මිට කියලා ඉවර කරන්න හම්බ උනේ නෑ ජිමින් එයාගේ කෝල්ඩ් ටෝන් එකෙන් කතා කරා

" කරන්න දෙයක් නෑ චිමී . මට ඉන්න වෙන තැනක් නෑ"

"ඕන මගුලක්"

එහෙම කියපු ජිමින් තමගේ ඔලුව හන්ගගෙන ලාවට හිනා උනේ ජන්මි එයාට කියපු නම නිසා . ම්.. චිමීතටත් මල් හැගුම් පහල වෙයි වගේ

Miracle | PJMWhere stories live. Discover now