1

282 39 48
                                    

හැමෝම කියනවා වගේ උදේට ඇහෙන කුරුලු ගීත , ජනේලේ තුලින් ඇවිත් මුහුන සිඹ ගන්න ලා හිරු එලියට ඔයාලා ආසද .

ආසයි නම් තොපිලා ගුලි කාලා .

හරි අපි කෙලින්ම කාරනේට බහිමු . ඕ ඔයා ඇහුවේ මේ රටක් වටින කෙලි පැටික්කි කවුද කියලද .

ම්. මගේ නම ජන්මි .

අම්මා කියන විදිහට පස්සට එලිය වැටෙනකන් නිදියන .... ඒක ඕනේ නෑ .

කෝමින් කෝම හරි මන් මේ ලෑස්ති වෙන්නේ ස්කූල් යන්න . ඔය ලබ්බ නම් මොකට හැම දාම තියෙනවද මන්දා . අනේ යසයි ගිලා බැස්ස නම්. 

දැන් හිතනවා ඇති ඇයි මට ස්කූල් එක අදු කොල වගේ කියලා . ඔයාලටත් ඕනේ නැති එකක් නෑ අප්පා .

හරි හරි මන් ස්කූල් එකට අකමැති මට යාලුවෝ නැති නිසා . ස්කූල් එක පිරෙන්නම ඉන්න පිටි මකුනො බබාලා ඉතින් මාව කොන් කරනවනේ .හුම්.. මෝඩ ගැහැනු හිපාටුවෝ .

මේම කිව්වට හරිද පන්තියට ඉන්නවා ටිකක් හැන්ඩි පොරක් . ඕකගේ නම  ජිමින් . හැබැයි යකා වගේ . පොරත් මන් වගේම හෙන ඔලුවෙන් ඉන්නේ . ඒකනේ තනියෙන්ම ඉන්නේ . දවසක් එක පිටි මකුනියෙක් වැරදිලා ඔය මනුස්සයගේ ඩෙස් එකේ ගෑවුනා . ඒකට රැව්වේ නැතෑ රැවිල්ලක් අම්මූ බේස්බෝල් ටීම් එකේ සුගාට විතරයි ඒක දෙවෙනි .

මන් ගැන කියන්න ගත්තට ඒක ජිමින්ගෙ පැත්තට හැරුනා නේද. කමක් නෑ ඔය යකාට තව ටිකක් දෙහි කපමු .

අහපල්ලකෝ ඉතින් ඔය මනුස්සයා හරිද ස්කූල් එකම හොල්ලන් ඉන්නේ . ඒ යකා අපි ගැන හැමදේම දැනගත්තට අපි නම් එයා ගැන ලොකු දේවල් දන්නේ නෑ . අඩුම හවුස් එක මොකක්ද කියලවත් .

කොටින්ම කිව්වොත් ජිමිනටයි මැත්ස් සර් ටයි තියෙන්නේ එකම ජානද කොහෙද . දෙන්නගෙන් එකෙක්වත් හිනා වෙන්නේ නෑ . මොන ලබ්බ නැති උනත් කෙල්ලො නම් ඒ කොට තාරාවා පස්සෙන්මයි.

"ඕහ් මා චිමීඊඊඉ . යු ආර් සූ සුවීඊඊඊට් " ගාගෙනන කෙල්ලො එන්නා . ශුවීට් තමා ආච්චිගෙ රෙද්ද . 😒

..................................



TBC

හෙහෙ ඔන්න උස්සන් ආවා  pJM එකක් . විශේශයෙන් මේක @cockroach_in_toilet සහ roshinikireestin ඉල්ලුව එකක් . සොයි ඒයි මට ටැග් කරන්න බෑ . මන් ගාව ඇප් එක නෑනෙ . her hero ඉවර වෙලා අප්ඩේට් දෙන්නම් 

Miracle | PJMWhere stories live. Discover now