ජන්ග්කුක් ඒ මිනිස්සුත් එක්ක හරි හරියට ගහගත්තේ පාරේ හිටපු මිනිස්සු පවා දුවගෙන මේ දිහාවට එද්දී

"යකෝ ඉක්මන් කරල වාහනේ හරව ගනින්"

"උඔ අද බේරුනට හිතන්න එපා හැමදාම බේරෙන්න පුලුවන් වෙයි කියලා.තමුසෙව උස්සලාම තමයි අපි පස්ස බලන්නේ "

එහෙම කිව්ව එක මිනිහෙක් වෑන් එකට නැග්ගම වෑන් එක ගියේ හෙන වේගෙන්.

"මොකද ලමයිනේ වුනේ ? කවුද උන් මීට කලින් දැකලා තියෙනවාද ?"

වටේට රැස් වුන මිනිස්සු එක දිගට ප්‍රශ්න අහද්දි කෙල්ලෝ තුන් දෙනා ඇවිත් ජන්ග්කුක්ට තුරුල් වුනා.

"හරි හරි ඉතින් ! දැන් මට මුකුත් වුනේ නෑනේ"

ජන්ග්කුක් කෙල්ලෝ තුන්දෙනාව නලවද්දි එතන හිටිය එක වයසක් මනුස්සයෙක්,

"පුතේ...අත හීරලා වගේ නේද ! ලේත් ගලනවා.බෙහෙත් ටිකක් දා ගන්න වෙයි වගේ "

එතකොට තමා ජන්ග්කුක් දැක්කේ අත් තුවාල වෙලා ලේ ගලනවා කියලා.

"තැන්ක්යූ අංකල්"

ඒත් එක්කම එයාලා ලගට වේගෙන් ආවේ පොලිස් ජීප් එකක්.

"කවුරුහරි පොලීසියට කියලා වගේ "

"මමයි කතා කලේ ටේහි.මට හිතාගන්න බැරි වුනා මොකද්ද එකපාරටම කරන්නේ කියලා.පස්සේ තමා මතක් වුනේ අනේ දෙයියනේ හියුන්ග් ඉන්නවනේ කියලා"

පොලිස් ජීප් එකෙන් බැහැලා කලබලයෙන් ඇවිදන් එන කඩවසම් පොලිස් නිලධාරියා ළග හැමෝගෙම ඇස් නතර වුනා.
තමන්ගේ නංගි තවත් කොල්ලෙකුයි කෙල්ලෝ දෙන්නෙක් එක්ක මහපාරේ අඩනවා දැකලා බය වුන අභිෂේක්,

"නංගි මොකද වුනේ"

"අනේ හියුන්ග්"

මින්ජි අඩාගෙනම අභිෂේක්ගේ තුරුල් වුනාම අභිෂේකුත් මින්ජිව පපුවට තුරුල් කරගත්තේ එයා ඉන්නේ නිල ඇදුමින් කියලා හිතන්නේ නැතුව

"ඇයි බබෝ මොකද වුනේ ? ඔයාලා කාටවත් කරදරයක් නෑනේ"

"ඇයි බබෝ මොකද වුනේ ? ඔයාලා කාටවත් කරදරයක් නෑනේ"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
˖⁠♡ MY HYUNGIE SIR ˖⁠♡ | Sinhala | Taekook Where stories live. Discover now