34 🩸♥️🔪

Start from the beginning
                                    

සුගා ඇස්වල කදුළු පුරවන් රෝස් දිහා බලන් හිටියේ හරි අසරණවයි.සුගාගේ කදුළු බැලුව ටේ කට කොනෙන් හිනා වුනා. එයා දන්නවා සුගාට මේ වේලාවේ ඕන රෝස්ව තුරුල් කරන් අඩන්න කියලා.

කෝ බලමු මෙයා මැරිලද කියලා?.....
ටේ එහෙම කියලා රෝස්ගේ නාඩි අල්ලන් බලද්දි සුලා කලබල වුනා.

එපා!.......එයා හොදින්...........

ආහ්...මෙතන ඔයා doctor මම doctor .......මමනේ ඉතින් ඉන්න මම බලලා කියන්නම්.......oops එයා මැරිලා නෑ......හිහි........
ටේ හිනාවෙලා කියද්දි සුගා හොද හුස්මක් ගත්තා.

ඒත් නාඩි වැටෙනවා අඩුයි...මෙහෙම ගියොත් එයා මැරෙයි...oh god....එතකොට මට entertainment එකට කෙනෙක් අඩු වෙයි නේ...no no එහෙම වෙන්න දෙන්න බෑ..........

එහෙම කිව්ව ටේ එලියට ගිහින් අතේ බෙහෙත් වගයක් , පෙට්ටියක් උස්සන් ආවා. නාඩි බලලා රෝස්ට injection එකක් ගහලා, රෝස්ට ඔක්සිජන් මාස්ක් එකක් දැම්මා. රෝස්ගේ නාඩි චෙක් කරපු ටේ.

අයියෝ...තාම අඩුයි නේ මෙහෙම ගියොත් මෙයා මැරෙයි...එතකොට මම කොහොමද officer අඩවන්නේ ම්ම්ම්......
ටේ එහෙම කියලා බොරුවට දුකින් ඉන්නවා වගේ පෙන්නලා එහා පැත්තේ තිබ්බ මැෂීන් වගයක් ඇදගෙන ආවා.

ගත්ත මැෂින එකෙ ජෙල් ගාලා රෝස්ගේ පපුව උඩින් තිබ්බේ රෝස් ගැස්සිලා උඩට ඇවිත් ආයේ ඇදට වැටෙද්දි. සුගා මේ දිහා බලන් හිටියේ අඩන ගමන්, ආයේ පාරක් මැෂින් එකේ පවර් එක වැඩි කරලා තියද්දි රෝස් ලොකු හුස්මක් අරන් ඇස් දෙක අරියා.

ඒක දැක්ක සුගා ඇස් දෙක වහන් හුස්ම ගත්තේ කදුළු ඔහේ ගලාගෙන යද්දි. ටේ ඒ දිහා බලන් හිනා වේලා ආයේ රෝස්ට ඔක්සිජන් මාස්ක් එක දැම්මා.

මැ-මැනික......
සුගාගේ කටහඩ ඇහුන රෝස් ඉක්මනින් කඩ හඩ ඇහුන පැත්ත බලද්දි දැක්කේ සුගා අඩ අඩ එයා දිහා බලන් ඉන්නවා.

MONSTER KINGWhere stories live. Discover now