12🩸♥️🔪

395 75 13
                                    

අනේ readers මම හොදටම අසනීප වෙලා හිටියේ, සති 1 1/2 විතර උණ හැදිලා හිටියේ. ඔයාලගේ කතාව update දෙන්න බැරි වුන එකට සමාවෙන්න........
________________________________

Dance floor එකේ ඉන්න බෝගම් චිමි මේ කිසි දෙයක් දන් නැතුව හිටියා. වැනි වැනි ගිය සුගා කාර් එකේ දොර ඇරගන්න බැරුව ඉද්දි එක පාර කෙනෙක් එයාට කතා කරා. සුගා එහෙමම හැරිලා බලද්දි දැක්කේ.

සර් ඔයා හොදින්ද.........:.........

සුගා හැරිලා බලද්දි දැක්කේ රෝස් එයාට කතා කරනවා.

නෑ.....මම හොදින් නෑ.......මම කොහොමද හොදින් ඉන්නේ......මැරුනේ මගේ මල්ලි........ඒත් තාම මිනිමරුවව අල්ල ගන්න බෑ මට ...........මම කොහොමද හොදින් ඉන්නේ ආආ........

සුගා කෑගහද්දි රෝස් ගැස්සිලා ගියා. මොකද යුංගිගෙන් දැක්ක කරුණාවන්ත අහිංසක කම සුගා ලග ගෑවිලාවත් නෑ. සුගා වැනි වැනි කෑගහද්දි රෝස් බැලුවේ වට පිට.

සර් කවුරු එක්කද ආවේ........මම හිතන්නේ සර්ට මෙහෙම යන්න බෑ.........

මට පුළුවන්.........

සුගා එහෙම කියලා කාර් එකේ දොර අරින්න ගියා. එතන ඉන්න කාටවුනත් පැහැදිලිවම පේනවා, සුගාට හරියට කෙලින් හිට ගන්නවත් බැරි බව. රෝස් තාමත් වට පිට බැලුවේ සුගාගේ යාළුවෙක් හරි ඉන්නවද කියලා බලන්නයි.

මම කියනවා කියලා තරහා වෙන්න එපා සර්.......සර් දැන් ඉන්නේ තනියම drive කරන්න පුළුවන් තත්වෙක නෙමෙයි..........මම කි-

ෂූෂූ..............

සුගා හැරිලා රෝස්ව කාර එකේ හේත්තු කරා. සුගාගේ ඇස් දිව්වෙ බයෙන් ඉන්න රෝස්ගේ මුනපුරාමයි. රෝස්ගේ ඇස් දැක්කේ තරහා දුක හැමදේම හිර කරන් ඉන්න සුගාගේ ඇස් දෙක.

සර්--ඔයා

ඇයි මම තනිවෙලා..............

MONSTER KINGDonde viven las historias. Descúbrelo ahora